සිමෙන්ති අර්බුදය නිසා ගැටළු රැසක්!

රටේ පවතින සිමෙන්ති හිඟය මත ඉදිකිරීම් හා සංවර්ධන ව්‍යාපෘති අඩාල වී ඇතැයි ජාතික ඉදිකිරීම් සංගමය පවසයි.එහි සභාපති සුසන්ත ලියනාරච්චි මහතා කියා සිටියේ දේශීයව නිෂ්පාදනය කරන කිලෝ ග්‍රෑම් 50 ක සිමෙන්ති කොට්ටයක මිල 1375 ක් ලෙස දැනුම් දී තිබුණ ද වෙළෙඳපොලෙන් එම මිල ගණන් යටතේ සිමෙන්ති මිලදී ගත නොහැකි බවය.මේ වනවිට සිමෙන්ති කොට්ටයක රුපියල් 1600 සිට 2000 අතර මිලකට අලෙවි වන බව වෙළඳ පළ ආරංචි මාර්ග කියයි.පාරිභෝගික ආරක්ෂණ අධිකාරියේ සභාපති විශ්‍රාමික මේජර් ජෙනරාල් ශාන්ත කෝට්ටේගොඩ මහතා කියා සිටියේ වැඩි මිලට සිමෙන්ති අලෙවි කළ ස්ථාන 117 ක වැටලීම් සිදුකර ඇති බවයි.මේ අතර සිමෙන්ති යම් ප්‍රමාණයක් මිලදී ගැනීමේ දී වෙනත් ගොඩනැඟිලි ද්‍රව්‍ය මිලදී ගැනීමේ කොන්දේසිය ඇතැම් ගොඩනැඟිලි ද්‍රව්‍ය අලෙවි සැල්වලින් පනවන අතර මෙම තත්වය නිසා පෙදරේරු වෘත්තිය නිසා යැපෙන පවුල් වල ලක්ෂ හතලිහක පමණ ජනතාවක් අන්ත අසරණ වී ඇති බව ද පැවසෙයි.

කාලීන පුවත්