සියලු විශ්‍රා­මි­ක­යන්ට රුපි­යල් 3000ක මාසික අන්තර් කාලීන දීම­නා­වක්

සියලු විශ්‍රා­මි­ක­යන් සඳහා රුපි­යල් 3000ක මාසික අන්තර් කාලීන දීම­නාව ඉදිරි සතියේ සිට ලබා­දී­මට කට­යුතු කරන ලෙස ජනා­ධි­පති අනුර කුමාර දිසා­නා­යක මහතා මුදල් අමා­ත්‍යාංශ නිල­ධා­රීන්ට උප­දෙස් දුන්නේය.

ජනා­ධි­පති අනුර කුමාර දිසා­නා­යක මහතා සහ මුදල් අමා­ත්‍යාං­ශයේ ඉහළ නිල­ධා­රීන් ජනා­ධි­පති කාර්යා­ල­යේදී පැවති සාක­ච්ඡා­වේදී මෙම උප­දෙස් ලබා දෙනු ලැබීය. රුපි­යල් 3000ක අන්ත­ර්කා­ලීන දීම­නාව ඔක්තෝ­බර් මාසයේ විශ්‍රාම වැටු­පට එකතු නොවීම සම්බ­න්ධව සොයා බැලූ ජනා­ධි­ප­ති­ව­රයා ඉදිරි සතිය ඇතු­ළත එම මුදල විශ්‍රා­මි­ක­යන්ගේ ගිණු­ම්ව­ලට බැර කරන ලෙස ද නිල­ධා­රීන්ට උප­දෙස් ලබා දුන්නේය.

සියලු විශ්‍රා­මි­ක­යන් හට රුපි­යල් 3000ක මාසික අන්තර් කාලීන දීම­නා­වක් ලබා­දීම සඳහා 2024/08/24 දිනැති රාජ්‍ය පරි­පා­ලන චක්‍ර­ලේ­ඛන අංක 02/2024 නිකුත් කර තිබු­ණද, ඒ සඳහා මුදල් වෙන් කර නොති­බිණි. මේ පිළි­බඳ සොයා බැලූ ජනා­ධි­පති අනුර කුමාර දිසා­නා­යක මහතා ඊට අදාළ මුදල් ලබා දෙන ලෙස මුදල් අමා­ත්‍යාංශ නිල­ධා­රින්ට දැනුම් දුන්නේය.

කාලීන පුවත්