දිවයිනේ සියලු පාසල්වල පළමුවැනි ශ්‍රේණියේ සිට 13 වැනි ශ්‍රේ්ණිය දක්වා අධ්‍යයන කටයුතු හෙට(10) සිට සාමාන්‍ය පරිදි සිදු කෙරේ.ඒ සදහා සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල්වරයාගේ අනුමැතිය ලැබී ඇත මේ දක්වා සිසුන් පාසල් වලට කැඳවනු ලැබුවේ කොටස් වශයෙනි.වයස අවුරුදු 12 ත් 15 ත් අතර ළමයින් කොරෝනා මර්දනය සඳහා එන්නත් කිරීම මේ වනවිට සිදුවෙයි. ඔවුන්ට එක් මාත්‍රාවක් පමණක් එන්නත් කිරීමට සෞඛ්‍ය අංශ නිර්දේශ කර තිබේ. පාසල් ළමයින් එන්නත් කිරීමට සමගාමිීව මේ දක්වා තුන්වන හෙවත් බූස්ටර් මාත්‍රාව එන්නත් කර නොමැති පාසල් ගුරුවරුන් ද එම ස්ථානයේදීම එන්නත් කිරීමට සැලසුම් කර තිබේ. පාසල්වල අනධ්‍යයන කාර්ය මණ්ඩල හා පාසල් ළමයින් ප්‍රවාහනය කරන පිරිස් සඳහා ද තුන්වන මාත්‍රාව එන්නත් කර ගැනීමේ හැකියාව පවතී.