සියළුම ඉන්දීය භාණ්ඩ වරායෙන් නිදහස් කිරීමට සූදානම්

ඉන්දියාවෙන් ආනයනය කොට ඩොලර් නොමැතිකම හේතුවෙන් මෙතෙක් වරායෙන් නිදහස් කර නොගත් සියළුම භාණ්ඩ නිදහස් කරදීමට සූදානම් බවත් කඩිනමින් වෙළෙඳ අමාත්‍යාංශයේ ලියාපදිංචි වන ලෙසත් වෙළෙඳ අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා පවසයි.අමාත්‍යවරයා මේ බව සඳහන් කළේ ඊයේ ( 19) වෙළෙඳ අමාත්‍යාංශයේ දී පැවති මාධ්‍ය හමුවක් සඳහා එක් වෙමිනි.ඉන්දියාවෙන් මෙරටට ආනයනය කර දැනට වරායෙන් නිදහස් කරගත නොහැකිව ඇති අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය, අත්‍යවශ්‍ය ඖෂධ, සිමෙන්ති, රෙදිපිළි, සත්ත්ව ආහාර, කර්මාන්ත සඳහා යොදාගනු ලබන අමුද්‍රව්‍ය, විශේෂිත පොහොර වර්ග යන භාණ්ඩ නිදහස් කර ගැනීමට හැකිව ඇත්තේ ඒ සඳහා ගෙවිය යුතු විදේශ විනිමය ඉන්දීය ණය ආධාර වලට හිලව් කර ගැනීම් වශයෙනි.

කාලීන පුවත්