ලබන දෙසැම්බර් මස 07 වැනිදාට යෙදෙන උඳුවප් පොහොය දිනයෙන් ආරම්භ වී 2023 වර්ෂයේ මැයි මස වෙසක් පෝය දිනයෙන් නිමාවට පත්වන ශ්‍රී පාද වන්දනා සමය වෙනුවෙන් සේවයේ යෙදෙන රාජ්‍ය නිලධාරීන්ගේ පහසුකම් සැපයීම සම්බන්ධ සම්බන්ධීකරණ රැස්වීම අද(08)නල්ලතන්නිය සෞඛ්‍ය මධ්‍යස්ථාන ගොඩනැඟිල්ලේදී පවත්වනු ලැබිණ.ඒ ශ්‍රී පාදස්ථානාධිපති බෙංගමුවේ ධම්මදින්න නා හිමියන් ගේ ප්‍රධානත්වයෙනි.ඉකුත් දෙවසරට සාපේක්ෂව වැඩි වන්දනා කරුවන් පිරිසක් මෙවර ශ්‍රී පාදස්ථානය වෙත පැමිණෙතැයි අපේක්ෂා කෙරේ.