සිරිපා කරුණා කරන්න වැඩිපුර ලංගම බස්
මෙවර ශ්‍රී පාද වන්දනා සමය මුල් කොට ශ්‍රී පාද වන්දනාවේ යන බැතිමතුන් වෙනුවෙන් අතිරේක බස් රථ යෙදවීමට ලංකා ගමනාගමන මණ්ඩලය කටයුතු කර තිබේ.එහි නියෝජ්‍ය සාමාන්‍යාධිකාරීවරයා ප්‍රකාශ කළේ පිටකොටුව මධ්‍යම බස් නැවතුම්පොළේ සිට හැටන් දක්වා දිනපතා ධාවනය කෙරෙන සාමාන්‍ය බස්රථ සේවාවලට අමතරව සති අන්තයේ පිටකොටුව මධ්‍යම බස් නැවතුම්පොළේ සිට නල්ලතන්නිය දක්වා අතිරේක බස් සේවා ක්‍රියාත්මක කෙරෙන බවයි.දුම්රිය දෙපාර්තමේන්තුව සමග ඒකාබද්ධව හැටන් දුම්රිය ස්ථානය අසළ සිට නල්ලතන්නිය දක්වා ලංගම බස් සේවා අඛණ්ඩව ක්‍රියාත්මක කරන බවත් ඒ මහතා මහතා වැඩිදුරටත් පවසයි.