සිව් දෙනකු ගෙන් යුත් නව කැබිනට්ටුව පිහිටුවීම අද

නව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ප්‍රධානත්වය දරන සිව් දෙනෙකුගෙන් යුත් නව සීමිත කැබිනට් මණ්ඩලය ඉදිරි පැය කිහිපය තුළ පිහිටුවීමට නියමිත අතර හෙට දිනය අවසන් වීමට පෙර පාර්ලිමේන්තුව ද විසිරුවා හරිනු ඇති බව වාර්තා වේ.විද්‍යාත්මක ක්‍රමවේදයකට සකස් කළ අමාත්‍යංශ 15ක් ඉදිරි පාර්ලිමේන්තු මැතිවරණය තෙක් නම් කරමින් එම අමාත්‍යංශවල වගකීම් ජනාධිපති අනුර කුමාර දිසානායක, අගමැති ආචාර්ය හරිනි අමරසූරිය, පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත හේරත් සහ නව පාර්ලිමේන්තු මන්ත්‍රි ලක්ෂ්මන් නිපුණආරච්චි සමඟ නිසි ක්‍රමවේදයකට පවරා දීමට සැලසුම් කර ඇත.ජනාධිපතිවරයා විසින් සංචාරක, ආරක්ෂක, මුදල්, අධිකරණ, කර්මාන්ත සහ ආයෝජන ප්‍රවර්ධන අමාත්‍යාංශ තබා ගනු ඇති බවද නව අගමැති වරිය විදේශ කටයුතු, අධ්‍යාපන සහ ජනමාධ්‍ය අමාත්‍ය ධුර ද දරනු ඇත.එමෙන් ම, එම අමාත්‍යංශ 15 සඳහා ලේකම්වරු 15 දෙනෙකු පත් කිරීමට නියමිත ය.ඒ කැබිනට් මණ්ඩලය යටතේ පාර්ලිමේන්තු මැතිවරණය පවත්වා ඉන් පසුව උපරිමය අමාත්‍යංශ 25ක් මගින් විධායකය ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර ඇත.

කාලීන පුවත්