සිව් හැවිරිදි දරුවකුට කෲර වධ හිංසා කළ මවක් සහ අනියම් සැමියා අත්අඩංගුවේ

අවුරුදු හතරක් වයසැති කුඩා දරුවෙකුට කෲර වධහිංසා කළ මවක් සහ ඇගේ අනියම් සැමියා පොලිස් අත්අඩංගුවට පත්ව තිබේ.වැලිගම පොලිස් වසමේ පදිංචි 25 හැවිරිදි කාන්තාවක් සිය අවුරුදු හතරක් වයසැති සිය පුතුට අතින් පයින් පහරදී පසුව එම දරුවාව නිවසින් පිටත ගේට්ටුවේ ගැට ගසා කෘෘර වධ හිංසාවට ලක්කොට තිබෙනු ප්‍රදේශවාසීන් දැක පොලිස් හදිසි ඇමතුම් ඒකකය වෙත දැනුම් දී ඇත.ඒ අනුව වහා ක්‍රියාත්මක වූ වැලිගම පොලිසියේ ස්ථානාධිපති උපුල් කුමාර මහතා ඇතුළු නිලධාරීන් විසින් සැකකාර කාන්තාව සහ ඇගේ අනියම් සැමියා අත්අඩංගුවට ගෙන ඇති අතර හිංසනයට ලක් වූ අවුරුදු හතරක් වයසැති දරුවාව වැලිගම වලාන දිසා රෝහලට ඇතුළත් කිරීමට පියවර ගෙන තිබේ.

කාලීන පුවත්