රට තුළ පවතින ඉන්ධන හිඟය නිසා මෙරට සංචාරකයන් අඩුවී සීගිරිය සංචාරක කලාපය පාලුවට ගොස් ඇති අයුරු දැකගත හැකි විය.
විදේශිකයනට ආහාර පාන ලබාදුන ඇතැම් සංචාරක නිකේතනවල ඇඳන් මේස පුටු මත සුනඛයන් වැනි සතුන් ලැග ගෙන සිටින අයුරු ද දැකගත හැකියි.
කාමර කුලියට ලබාදුන් ස්ථාන ඔරු සෆාරි කරත්ත සෆාරි අලි සෆාරි ගිය අය ද එම කරත්තවලට බදින සතුන් අලින් නඩත්තු කරගැනීමට නොහැකි තත්ත්වයක් ඇති බවද පවසති.