සීමා නිර්ණ කමිටුවේ වාර්තාව එහි සභාපති මහින්ද දේශප්‍රිය විසින් අද (11) දින අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන හට භාර දීමට නියමිත බව අග්‍රාමාත්‍ය මාධ්‍ය ඒකකය ප්‍රකාශ කර තිබේ.
එම කමිටුවේ සභාපති මහින්ද දේශප්‍රිය මීට පෙර ප්‍රකාශ කර තිබුණේ, අදාළ කමිටු වාර්තාව සකස් කිරීමෙන් අනතුරුව එය භාරදීම සඳහා දිනයක් ලබාදෙන ලෙස මීට පෙර සීමා නිර්ණ කමිටුවේ සභාපතිවරයා ලෙස තමන් ඉල්ලීම් කර තිබූ බවයි.
මෙමගින් අට දහසකට අධික වන පළාත් පාලන ආයතන සභික සංඛ්‍යාව නව සීමා නිර්ණය හරහා හාරදහසේ සීමාවට රැගෙන ඒමට කටයුතු කර ඇති බව සඳහන් වෙයි.