සුප්‍රීම් සැට් චන්ද්‍රිකාවට මොකද වුණේ?

ඉන්දියාවට ඊයේ (25 ) දිනයේ චන්ද්‍රයාන් යානය සඳ මතට යැවීමට වැයවී ඇත්තේ ඇමෙරිකානු ඩොලර් මිලියන 75ක් වුවද ශ්‍රී ලංකාව අභ්‍යවකාශ ගතකළ බව කියන ‘සුප්‍රීම් සැට්’ චන්ද‍්‍රිකාව වෙනුවෙන් ඩොලර් මිලියන 320ක් වැය කර ඇතැයි අද පාර්ලිමේන්තුවේදී පැවසූ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ලංකාව යැවූ රොකට්ටුවට වූ දේ පැහැදිලි කරන්නැයි ද ඉල්ලා සිටියේය.ඉන්දියාව සද තරණය ව්‍යාපෘති තුනකටම වියදම් කොට තිබුණේ ඩොලර් මිලියන 263ක් බව ද විපක්ෂ නායක වරයා කීය.නමුදු මෙහි දී පිළිතුරු දුන් සභා නායක අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත් මහතා පවසා සිටියේ 2012 වසරේ විද්‍යා හා තාක්ෂණික අමාත්‍ය වරයා වශයෙන් තමන් කටයුතු කළ මුත් එවැනි ව්‍යාපෘතියක් සම්බන්ධයෙන් තමන් නොදන්නා බව ය. එමෙන්ම එවක එවන් යානයක් සඳ මතට යවන ලද්දේ නම් මේ වන විට සඳේ පස් පවා ගෙන ආ යුතු බව පැවසූ සුසිල් ප්‍රේම ජයන්ත් මහතා සුප්‍රීම් සැට් කතාව හුදු ප්‍රබන්ධයක් පමණකැයි ද කීය.එහෙත් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ මහතා බලයේ සිටින අවදියේ ඔහු ගේ බාල පුත් රෝහිත රාජපක්ෂ නායකත්වය දුන් සුප්‍රීම් සැට් චන්ද්‍රිකාව චීනයේදී සාර්ථකව කක්ෂගත කළ බව සුප්‍රීම් සමාගම් සමූහය නම් ආයතනයක් කියා තිබිණ.එහි ප්‍රධාන විධායක නිලධාරී විජිත් පීරිස් නමැති අය බීබීසීයට කියා සිටියේ ‘ශී චැන්ග්’ යානය යොදා ගනිමින් ‘සුප්‍රීම් සැට් – 1’ චන්ද්‍රිකාව චීනයේදී සුරක්ෂිතව කක්ෂගත කෙරුණු බවයි.නමුත් ඒ සම්බන්ධ කිසිදු තොරතුරක් ඉන් පසු වාර්තා වී නැත.

කාලීන පුවත්