සුරා සල් ඇරියේ රජයයි

මේ වනවිට ග්‍රාමීය ප්‍රදේශවල නීතිවිරෝධි මත්පැන් එන්න එන්නම වැඩි වී ඇති බවත් එම මත්පැන් වර්ග පානය කිරීමෙන් ජනතාව රෝගීන් බවට පත් වන බවත් එය විශාල ප්‍රශ්නයක් නිසා වයින් ස්ටෝර්ස් විවෘත කිරීමට ආණ්ඩුව අවසර දුන් බවත් වරාය අමාත්‍ය රෝහිත අබේගුණවර්ධන මහතා පවසයි.රට පුරා වයින් ස්ටෝර්ස් සහ බීර කෑන් සහ බෝතල් ලෙස අලෙවි කරන ස්ථාන විවෘත කිරීමට අවසර දීම පිළිබඳව ඊයේ(18) කළුතරදී අදහස් පළකරමින් අමාත්‍යවරයා මේ බව පැවසී ය.මේ අතර අතේ මුදල් නැතැයි, කියමින් රජයෙන් දීමනා ඉල්ලුව ද බාර් විවෘත කිරීමත් සමග මත්පැන් අලෙවිසැල් අසල දිගු පෝළිම් දක්නට ලැබෙන බව ද අමාත්‍යවරයා සඳහන් කළේ ය.දැනට පවත්නා නිරොධායන ඇඳිරි නීතිය යටතේ සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වරයා සතුව සහ සුරා බදු ආඥා පනත ප්‍රකාරව සුරාබදු කොමසාරිස් ජනරාල් වරයා සතු නෛතික බලතල අතික්‍රමණය කරමින් රජය ගත් මෙම තීරණය පිළිබඳව බොහෝ පාර්ශවයන්ගේ අප්‍රසාදය සහ කලකිරීම පළ වෙමින් තිබේ.

කාලීන පුවත්