මෙවර අයවැයෙන් සෞඛ්‍ය වෘත්තීයවේදීන්ගේ දීමනා කප්පාදු කිරීම සම්බන්ධ විසඳුම් පමා කිරීම හේතුවෙන් හෙට (6) දිවයින පුරා ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර තිබූ වැඩ වර්ජනය තාවකාලිකව අත්හිටුවීමට තීරණය කර ඇති බව සෞඛ්‍ය වෘත්තීයවේදීන්ගේ සම්මේලනයේ සම කැදවුම්කරු චානක ධර්මවික්‍රම සඳහන් කරයි.ඔහු පවසන්නේ සෞඛ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස සමග පැවති සාකච්ඡාවෙන් අනතුරුව මෙම තීරණය ගත් බවයි. ඒ අනුව, එම වර්ජනය මාර්තු 17 වන දා උදෑසන 8:00 දක්වා තාවකාලිකව අත්හිටුවන බව ඔහු වැඩිදුරටත් පවසා ඇත.