සෞඛ්‍ය ක්ෂේත්රයට අදාළ සේවාවන් රැසක් අත්‍යාවශ්‍ය සේවාවන් බවට පත් කරමින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් අති විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ. ඊයේ (13) රාත්‍රියේ මෙම අති විශේෂ ගැසට් නිවේදනය නිකුත් කර ඇත.මෙම අතිවිශේෂ ගැසට් නිවේදනය නිකුත් කර ඇත්තේ වෛද්‍යවරුන්ට ලබාදී ඇති ඪැඨ් දීමනාව හා සමාන දීමනාවක් තමන්ටත් ලබාදෙන ලෙස ඉල්ලමින් සෞඛ්‍ය වෘත්තීය සමිති 72ක් අඛණ්ඩ වැඩවර්ජනයක් ආරම්භ කර තිබීම හේතුවෙනි.