සෞදි අරාබියේ කාන්තා දුම්රිය රියදුරන් 30 දෙනෙකු බඳවා ගන්නා බව එර්ට දුම්රිය සමාගමක් විසින් ප්‍රචාරය කිරීමත් සමඟ ඒ සඳහා අයදුම්පත් 28,000ක් ලැබී ඇති බව පැවසෙයි.තෝරා ගන්නා අයැදුම් කාරියන් වසරක පුහුණුවකින් පසු මක්කම සහ මෙඩිනා යන ආගමික නගර අතර අධිවේගී දුම්රිය ධාවනය සඳහා යොදවනු ඇත.මුස්ලිම් රාජධානියක් වන සෞදි අරාබියේ කාන්තාවන් සඳහා එවැනි භූමිකාවක් විවෘත වූ පළමු අවස්ථාව මෙයයි. දශක ගණනාවක් තිස්සේ සෞදි අරාබිය ලොව පහළම කාන්තා ශ්‍රම බලකා සහභාගීත්ව අනුපාතයන්ගෙන් එකකි.නමුත් මෑත වසරවලදී ඔටුන්න හිමි මොහොමඩ් බින් සල්මාන් කුමරුගේ තෙල් මත යැපෙන ආර්ථිකය විවිධාංගීකරණය කිරීමේ සැලැස්මේ කොටසක් ලෙස රැකියාවේ යෙදී සිටින කාන්තාවන් සංඛ්‍යාව වැඩි කිරීමට රජය උත්සාහ දරා ඇත.කාන්තාවන්ට රිය පැදවීමට අවසර දීම සහ කාන්තාවන්ට නිදහසේ ගමන් කිරීමට ඉඩ සැලසීම සඳහා පිරිමි භාරකාරත්ව නීති ලිහිල් කිරීම ඇතුළු සමාජ ප්‍රතිසංස්කරණ ගණනාවක් හරහා එය පුළුල් කර ඇත.එවැනි වෙනස්කම් හේතුවෙන්, පසුගිය වසර පහ තුළ සෞදි අරාබියේ ශ්‍රම බලකායේ කාන්තා සහභාගීත්වය දෙගුණයකින් 33% දක්වා වැඩි වී ඇති අතර, පසුගිය වසරේ මුල් භාගයේදී පිරිමින්ට වඩා කාන්තාවන් වැඩි ප්‍රමාණයක් ශ්‍රම බලකායට ඇතුළත් විය