හදිසි නීති රෙගුලාසි සම්මත කිරීම පිළිබද වූ විවාදය අද(27) පැවැති අතර එය අවසානයේ පැවැති ඡන්ද විමසීමේ දී එය වැඩි ජන්ද 57 කින් සම්මත විය. ඒ සඳහා පක්ෂව ජන්ද120ක් සහ විපක්ෂව ජන්ද 63ක් ප්‍රකාශ වී තිබිණ. ඉකුත් ජූලි 17 වනදා අතිවිශේෂ ගැසට් පත්‍රයක් මගින් එම අවස්ථාවේ වැඩබලන ජනාධිපති ලෙස කටයුතු කළ රනිල් වික්‍රමසිංහ මහතා හදිසි අවස්ථා ප්රකාශනය සිදුකරනු ලැබූ අතර එය තව දුරටත් පවත්වාගෙන යාම පිණිස පාර්ලිමේන්තු අනුමැතිය අවශ්‍ය බැවින් මෙම ඡන්ද විමසීම සිදු කරන ලදී.