හදිසි නීතිය පැනවීම ගැන නීති විශාරදයන්ගේ දැඩි අවධානය

ඊයේ(06) මධ්‍යම රාත‍්‍රියේ සිට හදිසි නීතිය ක‍්‍රියාත්මක කිරීමට ජනාධිපති වරයා ගත් තීරණය පිළිබඳව නීති විශාරදයන්ගේ දැඩි අවධානය යොමු වී තිබේ.ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව මඟින් තහවුරු කොට ඇති ජනතාවගේ මූලික හිමිකම් තහවුරු කිරීමට රජය ව්‍යවස්ථානුකූලව බැඳී සිටින බැවින් සාමකාමී ජනතා උද්ඝෝෂණ සහ අරගල මර්දනය කිරීම පිණිස හදිසි නීතිය ක්‍රියාත්මක කළ නොහැකි බව ද නීති විශාරදයෝ පෙන්වා දෙති.ඒ අනුව හැකි ඉක්මනින් නීතිඥ ප්‍රජාව මාධ්‍ය මඟින් මේ සම්බන්ධයෙන් ජනතාව දැනුවත් කිරීමට නියමිතය.

කාලීන පුවත්