හදිසි නීතියට දසතින් විරෝධය

ඊයේ(06) මධ්‍යම රාත්‍රියේ සිට හදිසි නීතිය ප්‍රකාශයට පත් කිරීම සම්බන්ධයෙන් දැඩි අවධානයක් යොමු කරන බව, ශ්‍රී ලංකා නීතිඥ සංගමය පවසයි.එම සංගමය ජනාධිපතිවරයාගෙන් ඉල්ලා සිටින්නේ, හදිසි නීතිය ප්‍රකාශයට පත් කිරීම අවලංගු කරන ලෙස ය.එමෙන්ම මෙම හදිසි නීතිය ප්‍රකාශයට පත් කිරීමට හේතු මොනවාදැයි ජනාධිපති වරයාගෙන් විමසන මානව හිමිකම් කොමිෂන් සහාව පෙන්වා දෙන්නේ රටේ පවත්නා මහජන උද්ඝෝෂණ පවතින නීතිමය රාමුව යටතේ පොලීසිය විසින් නියාමනය කරන සීමාවක පවතින බැවින් හදිසි නීතිය ක්‍රියාත්මක කිරීමේ තේරුමක් නොමැති බව ය.

මේ අතර දැනට රටේ පවත්නා දුෂ්කරතාවයන්ට හදිසි නීතිය පැනවීමෙන් විසඳුමක් නොලැබෙන බව යුරෝපා සංගමය අවධාරණය කරන අතර ඇමරිකානු තානාපති කාර්යාලය පෙන්වා දෙන්නේ වත්මන් අර්බුදය විසඳීමට අවශ්‍ය වනුයේ දිගු කාලීන විසඳුම් මිස හදිසි නීතිය නොවන බව ය.එමෙන්ම මෙම හදිසි නීති තත්වය හමුවේ මානව හිමිකම් වලට සිදුවන බලපෑම සම්බන්ධයෙන් ජාත්‍යන්තර අවධානය යොමු ව ඇති බැවින් එය රජය කෙරෙහි වඩාත් අහිතකර බලපෑම් එල්ල කරනු ඇතැයි දේශපාලන විශ්ලේෂකයෝ කියති.එමෙන්ම ඔවුන් පෙන්වා දෙන්නේ සාමකාමී ජන අරගල මැඩලීම පිණිස රජය මෙම හදිසි නීතිය යොදා ගන්නේ නම් එහි පරම අවාසිය ඒකාන්ත වශයෙන්  දරා ගැනීමට රජයට සිදු වන බව ය.නමුත් ජනාධිපති මාධ්‍ය අංශය ප්‍රකාශ කරනුයේ මෙම හදිසි නීතිය ප්‍රකාශයට පත් කොට ඇත්තේ මහජන ආරක්ෂාව අරමුණු කරගනිමින් බව ය.

කාලීන පුවත්