හමාස් සංවිධානය විසින් ඊශ්‍රායලයෙන් පැහැරගෙන ප්‍රාණ ඇපකරුවන් ලෙස රඳවා ගෙන සිටි 24 දෙනෙකුගෙන් යුතු පිරිසක් ගාසා හිදී රතු කුරුස සංවිධානයට බාර දී ඇත.මේ වන විට ගාසා තීරයේ දින 04ක සටන් විරාමයක් ක්‍රියාත්මක අතර ඒ අනුව මෙලෙස හමාස් සංවිධානය විසින් නිදහස් කර ඇති පිරිස් නැවත ඊශ්‍රායලයට පැමිණ ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි.ඊශ්‍රායල ජාතිකයින් 13 දෙනෙකු, තායිලන්ත ජාතිකයින් 10 දෙනෙකු සහ පිලිපීන ජාතිකයෙකු එම පිරිසට අයත් බව ඊශ්‍රායලය සහ හමාස් සංවිධානය අතර මැදිහත් කරුවකු සේ කටයුතු කරන කටාරය සදහන් කර තිබේ. එලෙස නිදහස ලත් සියළු දෙනාඊශ්රායල ජාතිකයින් වන අතර වයස අවුරුදු දෙක, හතර, හය සහ නවයේ ළමුන් හතර දෙනෙකු මෙන්ම 85 හැවිරිදි කාන්තාවක් ද ඒ අතර සිටියි.එසේම සටහන් විරාමයේ කොටසක් ලෙස ඊශ්‍රායලය විසින් රඳවාගෙන සිටි පලස්තීන රැඳවියන් පිරිසක් මේවන විට බටහිර ඉවුරට නිදහස් කර ඇත.