නීත්‍යනුකූලව සේවයෙන් ඉවත් නොවී, සේවයට වාර්තා නොකර සිටියදී ගත වූ මාස දෙකක කාලය තුළ ත්‍රිවිධ හමුදා සාමාජිකයන් 2557ක් අත්අඩංගුවට පත් වූ බව ආරක්ෂක අමාත්‍යාංශය පවසයි. ආරක්ෂක ලේකම් සම්පත් තුයියකොන්තාගේ නියෝගයකට අනුව මෙලෙස නීත්‍යනුකූලව සේවයෙන් ඉවත් නොවී සේවයෙන් පලා ගිය ත්‍රිවිධ හමුදා නිලධාරීන් අත්අඩංගුවට ගැනීමේ මෙහෙයුම පසුගිය පෙබරවාරි මස 22දා ආරම්භ විය.
ඒ අනුව ඉකුත් පෙබරවාරි 22 දා සිට පහුගිය 27 වන විට ත්‍රිවිධ හමුදා පොලිසිය විසින් එලෙස අත්අඩංගුවට ගත් පිරිස 2285ක් වන අතර ශ්‍රී ලංකා පොලිසිය විසින් කළ මෙහෙයුම්වලදී 272 දෙනෙක් අත්අඩංගුවට පත් වී ඇත. පොලිසිය විසින් ගත වූ මාර්තු මාසය තුළ, මෙලෙස පැන ගිය ත්‍රිවිධ හමුදා සාමාජිකයන් 153 දෙනෙක් අත්අඩංගුවට ගෙන ඇති අතර මේ මස ගත වූ කාලය තුළ 44 දෙනෙක් අත්අඩංගුවට ගෙන ඇත.
නීත්‍යනුකූලව සේවයෙන් ඉවත් නොවූ හමුදා සාමාජිකයන් අත්අඩංගුවට ගැනීමේ කටයුතු ඉදිරියටත් ක්‍රියාත්මකය. අත්අඩංගුවට ගන්නා සෙබළු සම්බන්ධයෙන් ගන්නා ක්‍රියාමාර්ග පිළිබඳව ඉදිරියේදී තීරණය කරන බව ආරක්ෂක අමාත්‍යාංශය පවසයි.