ප්‍රවීණ මාධ්‍යවේදී, දැන්වීම් නිර්මාණ ශිල්පී හරිත් ගුණවර්ධන මහතා අද (28) උදැසන අභාවප්‍රාප්ත වී තිබේ.කිං බානට්, ඇටමැස්සා ආදී පුවත් පත් තීරු ලිපි සහ ඕල්වේස් බ්රේක් ඩවුන් රූපවාහිනී දේශපාලන ප්‍රහසන මාලාව ද හරිත් ගේ නිර්මාණ අතුරින් කැපී පෙනෙයි. සැලසිනේ ආයතනයේ සභාපතිවරයා වන හරිත් ගුණවර්ධන මහතා , අද උදෑසන සිය කාර්යාලය වෙත එමින් සිටියදී බොරලැස්ගමුව ප්‍රදේශයේදී ඇති වූ හදිසි රෝගී තත්වයකින් එම ස්ථානයේ දීම මියගොස් ඇති බව වාර්තාවේ. හරිත් ගුණවර්ධන මහතා කොළඹ ආනන්ද විද්‍යාලයේ ආදි සිසුවකු වන අතර, කොළඹ විශ්වවිද්‍යාලයේ උපාධිධාරියෙක් ද වේ.මිය යන විට ඒ මහතාගේ වයස අවුරුදු පනස් පහකි. ඒ මහතා ගේ අවසන් කටයුතු පසුව දැනුම් දෙනු ලැබේ.