මේ වන විට ස්වාධීනව කටයුතු කරන වත්මන් රජයේ හවුල්කාර පක්ෂ නවයේ නායකයන්ගේ ඊයේ(21) පැවති සාකච්ඡාවට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ කොළඹ දිස්ත්‍රික් මන්ත්‍රී නීතිඥ ප්‍රේමනාත් දොලවත්ත මහතා ද පළමු වතාවට සහභාගී වී ඇත.කොළඹ 08,ශ්‍රී ලංකාවේ කොමියුනිස්ට් පක්ෂ ප්‍රධාන කාර්යාලයේ පැවති මෙම සාකච්ඡාවට අතුරලියේ රතන හිමි, විමල් වීරවංශ, උදය ගම්මන්පිල ,වාසුදේව නානයක්කාර ,මහාචාර්ය තිස්ස විතාරණ, විශේෂඥ වෛද්‍ය ජී වීරසිංහ,ගෙවිඳු කුමාරතුංග,ඒ එල් එම් අතාවුල්ලා,වීරසුමන වීරසිංහ යන මහත්වරුන් ඇතුළු කණ්ඩායමක් සහභාගි වී තිබේ.හවුල් පක්ෂ නවයේ සහභාගිත්වයෙන් පිහිටුවීමට යෝජිත නව සන්ධානයේ කටයුතු සම්බන්ධයෙන් මෙන්ම, වත්මන් ආර්ථික හා දේශපාලන තත්වය සම්බන්ධයෙන්ද එහිදී දීර්ඝ වශයෙන් සාකච්ඡා වී ඇත.