හිටපු ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතා මේ වන විට සිංගප්පූරුවේ සිටින අතර ඔහු සැඟවී නොමැති බවත් ඔහු එරටින් නැවත ශ්‍රී ලංකාවට එන් බවත් අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා කියයි. ඒ අද (26) දහවල් කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවට එක්වෙමිනි.මින් ඉහත විදෙස් මාධ්‍ය වාර්තා කළ පරිදි ලබන 29 න් පසු ගෝඨාභය රාජපක්ෂ මහතාට සිංගප්පූරුවේ රැඳී සිටීමට එරට ආගමන විගමන දෙපාර්තමේන්තුව අවසර ලබාදී නැත. ආරක්ෂාව සම්බන්ධ ප්‍රශ්න නිසා එසේ කර ඇතැයිද වාර්තා වී තිබුණි.ඔහු එරටදී අත්අඩංගුවට ගන්නැයි පාර්ශව ගණනාවක් ඉල්ලීම් කළත් ඒ සඳහා සිංගප්පූරු රජය ප්‍රතිචාර දක්වා නැත.ගෝඨාභය රාජපක්ෂ මහතාට ඇමරිකාව, ඉන්දියාව වැනි රටවල ආරක්ෂාව හා වීසා ඉල්ලා සිදු කළ ඉල්ලීම් ප්‍රතික්ෂේප වූ බවටත් ඔහුට ඩුබායි හෝ ශ්‍රී ලංකාවේ පමණක් ඉදිරියේ රැඳී සිටීමට හැකිවනු ඇති බවටත් වාර්තා පළවිය.මේ අතර ඔහුගේ අප්‍රකට රට හැර යාම සෑම විදෙස් මාධ්‍යයක්ම සඳහන් කොට තිබුණේ “පලා යාමක්” ලෙසිනි.