හිටපු ජනපතිවරුන්ගේ විශ්‍රාම වැටුප අහෝසි කිරීම මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනය කිරීමක්

හිටපු ජනාධිපතිවරුන්ගේ විශ්‍රාම වැටුප අහෝසි කිරීමට උත්සාහ කළොත් එය මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනය කිරීමක් බවත් ඒ සඳහා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සංශෝධනය කිරීමට පනතක් ගෙන ආවද එය අතීතයට බලපාන පරිදි ක්‍රියාත්මක කළ නොහැකි බව ජනාධිපති නීතිඥ ප්‍රතිභා මහානාම මහතා පවසයි.එය 1978 ව්‍යවස්ථාවේ 36 වගන්තියේ 01, 02, 03 සහ 04 මගින් සඳහන් කර ඇතැයි ද ඒ මහතා කියයි. ඒ අනුව ජනාධිපතිවරයකුට විශ්‍රාම වැටුපක් හිමි බවත් එය අහෝසි කළ නොහැකි බවත් ජනාධිපතිවරයකුගේ විශ්‍රාම වැටුප අහෝසි කිරීම සඳහා ක්‍රියා කරන්නේ නම් එම නීතිය අදාළ වන්නේ ඉදිරියට මිස අතීතයට නොවන බවත් සඳහන් කර ඇතැයි ද ජනාධිපති නීතිඥ ප්‍රතිභා මහානාම මහතා පෙන්වා දෙයි.

කාලීන පුවත්