අහිතකර බැක්ටීරියා අඩංගු වී ඇති බවට තහවුරු වූ පොහොර රැගත් “හිපෝ ස්ප්රිට්” නෞකාව මේ වන විට ශ්රී ලංකා මුහුදු සීමාව තුළ නැංගුරම්ලා ඇති අතර
නෞකාව අයත් සමාගම විසින් නිකුත් කළ එන්තරවාසිය සම්බන්ධයෙන් නීතිපතිවරයාගේ උපදෙස් සඳහා යොමු කර ඇත .ජාතික ශාක නිරෝධායන සේවයේ අතිරේක අධ්යක්ෂවරයා වෙත අදාළ සමාගම විසින් පසුගියදා අමෙරිකානු ඩොලර් මිලියන 8 ක වන්දියක් ඉල්ලා මෙම එන්තරවාසිය යොමු කර තිබුණි.එම එන්තරවාසිය පසුගිය 9 වනදා ජාතික ශාක නිරෝධායන සේවයේ අතිරේක අධ්යක්ෂවරයා වෙත ලැබුණු අතර ඒ අනුව අදාළ එන්තරවාසිය සම්බන්ධයෙන් ඉදිරි නීතිමය ක්රියාමාර්ග ගැනීම සඳහා එය නීතිපතිවරයා වෙත යොමුකර තිබේ.අහිතකර බැක්ටීරියා අඩංගු වී ඇති බවට තහවුරු වීම හේතුවෙන් චීන සමාගමක් විසින් මෙරටට එවන ලද එම නැවේ ඇති කාබනික පොහොර තොගය භාර ගැනීම ප්රතික්ෂේප කිරීමට රජය පසුගියදා පියවර ගත්තේය.ඒ ජාතික ශාක නිරෝධායන සේවය විසින් සිදුකළ පරීක්ෂණයකින් අනතුරුවය.