මේ වන විට පවත්නා ඉන්ධන අර්බුදය හේතුවෙන් සිසුන්ට සහ ගුරුවරුන්ට ප්‍රවාහන පහසුකම් සළසා ගැනීමට ඇති දුෂ්කරතා සලකා රජයේ සහ අනුමත පාසල් හෙට(17) වසා තැබෙන බව අධ්‍යාපන අමාත්‍යංශය කියයි. වත්මන් ඉන්ධන අර්බුදය හේතුවෙන් මේ දිනවල බොහෝ ප්‍රදේශ වල පාසල් සිසුන්ගේ පැමිණීමේ සැලකිය යුතු අඩුවක් පැවැති බව ද වාර්තා වෙයි.