අයහපත් කාලගුණික තත්වය හමුවේ දිවයිනේ සියලුම පාසල්වලට හෙට (22) දින නිවාඩු දෙන බව සමාජ මාධ්‍ය ජාල හරහා ප්‍රචාරය වන පුවත අසත්‍ය බව අධ්‍යාපන අමාත්‍යාංශය දන්වා සිටියි.එබැවින්, හෙට (22) දින දිවයිනේ සියලුම පාසල් පැවැත්වෙන බව අධ්‍යාපන අමාත්‍යාංශය නිවේදනය කරයි.නමුදු පවත්නා තත්වයන් එක් එක් පළාත් සම්බන්ධ තත්වයන් සමාලෝචනය කොට අවස්ථානුකූලව තීරණ ගැනීමේ බලය පළාත් අධ්‍යාපන ලේකම්වරුන් සහ පළාත් අධ්‍යාපන අධ්යක්ෂවරුන් සතුව පවතින බව ද අධ්‍යාපන අමාත්‍යාංශය දැනුම් දී ඇත.