හෙට පාසල් යළි ඇරේ;නුවර පාසල් දින තුනක් වැසේ

රජයේ පාසල්වල මෙම වසරේ (2023) දෙවැනි පාසල් වාරයේ දෙවැනි අදියර හෙට (28) ආරම්භ වන බව අධ්‍යාපන අමාත්‍යංශය පවසයි.හෙට (28) ආරම්භ වන දෙවැනි පාසල් වාරයේ දෙවැනි අදියර ඔක්තෝබර් මස 27 වැනිදා දක්වා ක්‍රියාත්මක වන බවත් එම අමාත්‍යංශය පවසයි..දෙවැනි පාසල් වාරයේ පළමු අදියර පසුගිය ජූලි මස සිට 24 වැනිදා ආරම්භ වී අගෝස්තු මස 16 වැනිදා අවසන් විය.නමුත් මහනුවර ඇසල පෙරහැර නිමිත්තෙන් ඉදිරි 28, 29 සහ 31 යන දිනවල මහනුවර නගර සීමාවේ ඇති සියලුම රජයේ පාසල් දින තුනක් වසා තැබීමට තීරණය කර තිබේ.මධ්‍යම පළාත් ආණ්ඩුකාර ලලිත් යු. ගමගේ මහතා පවසා සිටියේ පාසල් වසා තැබෙන දින තුන වෙනුවට සෙනසුරාදා දින තුනක් පාසල් පැවැත්වීමට කටයුතු කරන බවය..ඒ අනුව හෙට සිට 31 වනදා තෙක් මහනුවර නගරයේ සිට කටුගස්තොට පාලම දක්වාත් මහනුවර නගරයේ සිට පේරාදෙණිය පාලම හා ගන්නෝරුව හන්දිය දක්වාතමහනුවර නගරයේ සිට වැවරවුම හරහා අම්පිටිය දක්වාත් මහනුවර නගරයේ සිට තැන්නෙකුඹුර පාලම දක්වාත් ඇති පාසල් සහ දොඩම්වල රාජකීය ප්‍රාථමික පාසල,බෝවල වත්ත,හන්තාන යන පාසල් ද වසා තැබෙනු ඇත.

කාලීන පුවත්