හෙට (15) පැවැත්වීමට නියමිත පස් වන ශ්‍රේණියේ ශිෂ්‍යත්ව විභාගය සඳහා ප්‍රශ්න පත්‍ර ප්‍රවාහනය ඇතුළු සෙසු සියළු කටයුතු මේ වන විට අවසන් කර ඇති බව විභාග දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.නියෝජ්‍ය විභාග කොමසාරිස් ලසික සමරකෝන් මහතා සඳහන් කරනුයේ අපදා තත්ත්වයන් ඇති වන ඕනෑම ස්ථානයක සිටින සියලුම අපේක්ෂකයන්ට ළඟම ඇති විභාග මධ්‍යස්ථානයේ විභාගය ලීවීම සඳහා පහසුකම් සපයා ඇති බවයි.ශිෂ්‍යත්ව විභාගය මධ්‍යස්ථාන 2888කදී විභාගය පැවැත්වීමට සැලසුම් කර ඇත.