හෙට සාමාන්‍ය පරිදි දුම්රිය ධාවනය කෙරේ

ජනාධිපතිවරණය පැවැත්වෙන හෙට දිනයේ දී (21) දුම්රිය සුපුරුදු පරිදි ධාවන කෙරෙන බව දුම්රිය නියෝජ්‍ය සාමාන්‍යධිකාරී ජේ.එන්.ඉඳිපොලගේ මහතා පවසයි.

ඒ අනුව හෙට දිනයේ දී සුපුරුදු ලෙස සෙනසුරාදා දිනවල ධාවනය කෙරෙන දුම්රියන් සියලුම දුම්රිය මාර්ගවල ඒ ආකාරයෙන්ම ධාවනය වීමට කටයුතු කරන බව ඒ මහතා වැඩිදුරටත් සඳහන් කරයි.

කාලීන පුවත්