හෙට(01)සිට සිංහල,දෙමළ සහ ඉංග්‍රීසි භාෂා වලින් පළ වන සියළුම දිනපතා පුවත් පත් රුපියල් පනහ දක්වා මිල වැඩි කිරීමට පුවත් පත් සමාගම් පොදු එකඟතාවකට පැමිණ තිබේ.කඩදාසි මිල,මුද්‍රණ පිරිවැය සහ ප්‍රවාහන වියදම් අසීමිත ලෙස ඉහළ නැංවීම හේතු කොට එම මිල සංශෝධනය කළ බව පුවත් පත් සමාගම් දන්වා සිටියි.