හෙදියකගේ ආත්මීය දයාබරත්වය

වෘත්තීය අභිමානය කියන වචනය අපි කොතෙකුත් අහලා තියනවා.නමුත් මේ සමාජ ආර්ථික දේශපාලන ක්‍රමය තුළ ඒක කොයි තරම් දුරට ප්‍රායෝගික යථාර්ථයක් ද කියන එකත් වෙනම සිතිය යුත්තක්.

වෘත්තියෙන් හෙදියක් වුණු යොවුන් ලේඛිකා බුද්ධිනී තාරකා හේවගේ තමන්ගේ කුළුඳුල් නව කතාව “කළුවර අහසට සඳ පායලා” මේ වෙනකොටත් එළි දක්වා හමාරයි.

ඊට අමතරව සුමට,සිනිඳු බස් වහරක් හා සරල සුන්දර තේමාවන් පදනම් කරගනිමින් මානුෂීය හැඟීම් ඉස්මතු වෙන අයුරින් කාව්‍යකරණයේ යෙදෙන බුද්ධිනී ලියා ඇති “හෙදියකහේ අගය”පදනම් කරගත් මේ සරල කවි පන්තිය බුද්ධිනී තමන්ගේ වෘත්තිය දෙස බැලූ අභිමානය හා දයාබරත්වය මුසු බැල්මක් විදිහට නොබියව හඳුන්වන්න පුළුවන්.

kaluwara-ahasa

හෙදියකට හැකියි
කාටත් නොපෙනෙන්න කඳුළු පිහදාන්න
කඳුළු අස්සෙන් හිනා වෙන්න
හැම කෙනෙක් ටම තමන්ගෙ පවුලෙ කෙනෙක් ට වගේ සලකන්න
තවත් අම්මා කෙනෙක් ට තාත්තා කෙනෙක් ට දුවෙක් වෙන්න
සහෝදරියක් වෙන්න
තවත් දරුවෙක්ට අම්මා කෙනෙක් වෙන්න
ආදරණීය බිරිඳ ක් වෙන්න
යකඩ ගැහැනියක් වගේ හුඟාක් දේවල් දරා ගන්න
ඕනම අභියෝගයක ට සතුටින් මුහුණ දෙන්න
කිසිම කෙනෙක් ගෙන් කිසිම දෙයක් බලාපොරොත්තු නොවී ඔවුන් වෙනුවෙන් කැපකිරීම් කරන්න
ඔව් හෙදියක ට පුළුවන් ලෝකයක් දිනන්න
ඒ හැමදේම නිහතමානීව භාරගන්න
මිනිසුන් ගෙන් එන හැම ගැරහුම් හමුවේ ඉවසීමෙන් මුහුණ දෙන්න
ඒකයි හෙදකමත් එක්තරා කලාවක් කියන්නෙ
ඒකයි ලෝකයට හෙදියක් ඒ තරම් වටින්නෙ….

බුද්ධිනී තාරකා

wall එක