හොඳම ජනපති”මොඩලය” තෝරන්නේ කොහොමද? – සුනිල් කන්නන්ගර කොළඹ රත්නපුර අම්පාර හිටපු මහ දිසාපති

vinivida

ජනාධිපතිවරණයක දී ඡන්ද දායකයාගේ භූමිකාව කුමක් විය යුතු ද? යන ප්‍රශ්නය රට තුළ ඉස්මතු කිරීම කාලීන අවශ්‍යතාවයකි.ඊට හේතුව අප රටේ ජනධිපතිවරණයක දී එක් එක් අපේක්ෂකයන් තමන් සුපිරිම අපේක්ෂකයා බව සැමවිටම ඉස්මතු කරමින් පෙන්වන්නට උත්සාහ කරන බැවිනි.ඔහුගේ හෝ ඇයගේ දේශපාලන පක්ෂය හෝ සහය දක්වන කණ්ඩායම ද අන් සියලු අපේක්ෂකයන් අභිබවමින් තම අපේක්ෂකයා ජනපති ධුරයට සුදුසු “කොලිටිම බඩුව” බව තහවුරු කිරීමේ නිරන්තර අරගලයක යෙදෙමින් සිටිති. තම අපේක්ෂකයාගේ සුදුසුකම වර්ණනා කිරීම මෙන්ම අනිකුත් අපේක්ෂකයින් නුසුදුසු වන්නේ ඇයිදැයි ප්‍රචාරය කිරීම ද මේ “සපෝටර්ස් “ලාගේ “ජොබ්” එක ය. මේ සඳහා රැස්වීම් සාකච්ඡා, සම්මන්ත්‍රණ, වැඩමුලු පැවැත්වීම මෙන්ම පත්‍රිකා පෝස්ටර් ආදී ලිඛිත ප්‍රකාශන බෙදා හැරීම ද ඕපාදූප, කටකථා නිර්මාණය කර කටින් කට ප්‍රචාරය කිරීම,ද මඩ පත්‍රිකා කැළෑ පත්තර හොර රහසේ බෙදීම සමාජ මාධ්‍ය ඔස්සේ අපහාස උපහාස බොරු චෝදනා වර්ණනා අතිශෝක්තිගත කථා ප්‍රශස්ති ආදිය පැතිරවීම ආදී මෙකී නොකී අංගෝපාංග ඇතුලත් දැවැන්ත ප්‍රචාරක ජාලයක් පවත්වා ගැනීමට අපේක්ෂකයන්ට සිදුවෙයි. දැනටම දක්නට ලැබෙන අන්දමට මේ මහ ප්‍රචාරක ජාලයන්ට ඇවසි ප්‍රාග්ධනය සපයන ප්‍රධාන මූලාශ්‍ර බොහොමයක් අඥාත ය.නමුත් ඒවා දේශීයව හා විදේශීය ප්‍රභයන්ගෙන් සැපයෙන බව පෙනෙයි.

තමන්ට කියන්නට තරම් සුදුසුකමක් නැති නිසා වෙනත් අයෙකුගේ ඇද කුද ප්‍රසිද්ධියේ කියා ඒ හිලව්වට සෑහෙන යමක් තවත් කෙනෙකුගෙන් ලබා ගෙන ජයග්‍රහණය ළඟා කර ගන්නට ඇතැම්හු වෙර දරති.මේ අතර තවත් අපේක්ෂකයන් තමන්ගේ ප්‍රතිපත්තිය මත පිහිටා තරඟයට එති. ඔවුන්ට බොහෝ විට අඥාත පාර්ශව වලින් සැපයෙන අරමුදල් ලැබෙන්නේ නැත්තේ ඒ අයව තමන්ට ඕනෑ විදියට නටවන්න කාටත් බැරි නිසා ය. කොටින්ම කිව්වොත් ඒ අය නටන්නේ තමන්ගේම පදයට ය.එහෙම අයට ඒ පදයට කැමති අල්පයක් උදවිය විසින් සුලු සුලු පඬුරු පාක්කුඩම් දුන්නත් එය එතරම් සැලකිය යුත්තක් නොවේ මේ අන්දමේ අඩව් කස්තිරම් ඇනිලි පැනිලි හිටි පිනුම් බඩ පිනුම් පඬුරු පාක්කුඩම් කප්පම් සන්තෝෂම් මධ්‍ය‍යේ පැවැත්වෙන ජනාධිපතිවරණයේ දී “අඤ්ඤකොරොස්'” වී ස්වකීය කතිරය පාවිච්චි කිරීමට සිදුවන හුදී ජනයින් ගේ යහපත වෙනුවෙන් ජනාධිපතිවරණයක දී ඡන්ද දායකයාගේ භූමිකාව හඳුන්වා දීම වැදගත් වෙනු ඇත.

ඇතැම් අපේක්ෂකයන් තරඟ වදින්නේම ජනාධිපතිකම දිනා ගැනීමට වඩා මේ විවිධ අඥාත ප්‍රභවයන්ගෙන් සැපයෙන අරමුදල් දිනා ගැනීමට ය.මෙය කල දුටු කල වළ ඉහ ගැනීමකි.තවත් සමහරුන් තරඟ වදින්නේ තමන්ගේ සුදුසුකම පැත්තක හකුලා තබා වෙන අපේක්ෂකයෙකුගේ නුසුදුසුකම ප්‍රසිද්ධියේ කියන්නට ය.තමන්ට කියන්නට තරම් සුදුසුකමක් නැති නිසා වෙනත් අයෙකුගේ ඇද කුද ප්‍රසිද්ධියේ කියා ඒ හිලව්වට සෑහෙන යමක් තවත් කෙනෙකුගෙන් ලබා ගෙන ජයග්‍රහණය ළඟා කර ගන්නට ඇතැම්හු වෙර දරති.මේ අතර තවත් අපේක්ෂකයන් තමන්ගේ ප්‍රතිපත්තිය මත පිහිටා තරඟයට එති. ඔවුන්ට බොහෝ විට අඥාත පාර්ශව වලින් සැපයෙන අරමුදල් ලැබෙන්නේ නැත්තේ ඒ අයව තමන්ට ඕනෑ විදියට නටවන්න කාටත් බැරි නිසා ය. කොටින්ම කිව්වොත් ඒ අය නටන්නේ තමන්ගේම පදයට ය.එහෙම අයට ඒ පදයට කැමති අල්පයක් උදවිය විසින් සුලු සුලු පඬුරු පාක්කුඩම් දුන්නත් එය එතරම් සැලකිය යුත්තක් නොවේ මේ අන්දමේ අඩව් කස්තිරම් ඇනිලි පැනිලි හිටි පිනුම් බඩ පිනුම් පඬුරු පාක්කුඩම් කප්පම් සන්තෝෂම් මධ්‍ය‍යේ පැවැත්වෙන ජනාධිපතිවරණයේ දී “අඤ්ඤකොරොස්'” වී ස්වකීය කතිරය පාවිච්චි කිරීමට සිදුවන හුදී ජනයින් ගේ යහපත වෙනුවෙන් ජනාධිපතිවරණයක දී ඡන්ද දායකයාගේ භූමිකාව හඳුන්වා දීම වැදගත් වෙනු ඇත.

ශ්‍රී ලංකා ආණ්ඩුක්‍රම ව්‍යවස්‍ථාව අනුව ජන රජයේ ජනාධිපතිවරයෙක් වන්නේය. මෙහි ජනරජය යන්නට ශ්‍රී ලංකා රාජ්‍යයට අයත් භූමිය, එහි ජිවත්වන මිලියන 22කට වැඩි ජනතාව, හා එය පාලනය කරන්නා වූ පාලන ව්‍යුහය ද යන අංග තුනම අයත් වේ.ඒ නයින් ගත් කල ජනාධිපතිවරයා යනු සමස්‍ත රාජ්‍යයේම ආධිපත්‍ය දරන්නා ය.එසේම ජනරජයේ ජනාධිපති ධුරයට පත්වන තැනැත්තාට රාජ්‍ය නායක ධුරයේ වගකීම් වලට අතිරේකව රජයේ ප්‍රධානියා ලෙස ද විධායකයේ ප්‍රධානියා ලෙස ද ආණ්ඩුවේ ප්‍රධානියා හා සන්නද්ධ හමුදාවල සේනාධිනායකයා ලෙස ද වශයෙන් වන අනිවාර්ය වගකීම් හතරක් ආණ්ඩුක්‍රම ව්‍යවස්‍ථාවෙන්ම භාර දී ඇත. ඒ අනුව අපේ රටේ ජනාධිපතිවරයාට “පංච මහා භූමිකාවන්” පැවරී ඇත. ජන රජයේ ජනධිපතිවරයා පත්වන්නේ මහ ජනතාවගේ බහුතර ඡන්දයෙනි. ඒ සඳහා ඡන්දය දෙන්නට සුදුසුකම ඇත්තේ වයස අවුරුදු දහ අට ඉක්මවූ ඡන්ද නාම ලේඛනයේ නම ඇතුලත්ව ඇති අයට ය.එබඳු අය ලක්ෂ 171ඇති බව ප්‍රකාශ වී ඇත.රාජ්‍ය සඳහා නායකයෙකු තෝරාගැනීමේ අවස්ථාවට මුහුණ දී සිටින මේ ලක්ෂ 171තමන් විසින් තෝරා ගතයුතු ජනාධිපති වරයාට පැවරී ඇති පංච මහා භූමිකාවන් මොනවාද? ඒ එක් එක් භූමිකාවට කවර කාර්යයන් හා බලතල පැවරී ඇතිද? එම කාර්යයන් ඉටුකිරීමට හා බලතල පරිහරණය සඳහා ඔහු හෝ ඇය සතු විය යුතු දැනුම පලපුරුද්ද කුසලතා දක්ෂතා ආකල්පයන් කවරේද ? ඊට බාධා පමුණුවන ඔහු හෝ ඇය සතු යම් දුර්වලතාවයක් වේද? එසේ නම් එම දුර්වලතාවයන් ඉහත සඳහන් එක් එක් භූමිකාවට අදාල කාර්යය හා කර්තව්‍යයන් ඉටුකිරීමේදී හා බල තල භාවිතාකිරීමේ දී කෙසේ බලපෑම් කරයිද? ආදිය පිළිබඳව යම් අවබෝධයක් ලබා ගත්තොත් රටට වඩා හොඳ රාජ්‍ය නායකයෙකු පත්කර ගත හැකිවනු ඇත.

ශ්‍රී ලංකා ජනරජයේ ජනාධිපතිවරයාට රාජ්‍ය නායකයා ලෙස පැවරෙන වගකීම් මෙසේය. ජන රජයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අරක්ෂා කර අනුගමනය කෙරෙන බවට වග බලා ගැනීම,ජාතික ප්‍රතිසන්ධානය හා ඒකබද්ධතාවය ප්‍රවර්ධනය කිරීම, ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථා සභාව හා ස්වාධීන කොමිෂන් සභාවල ක්‍රියාකාරීත්වය සහතික කිරීම, නිදහස් හා සාධාරණ ඡන්ද විමසීම් පැවැත්වීමට උචිත වාතාවරණය සැකසීම,යන කාර්යයන් ජනාධිපතිවරයාට භාර වී ඇත.

ශ්‍රී ලංකා ජනරජයේ ජනාධිපතිවරයාට රාජ්‍ය නායකයා ලෙස පැවරෙන වගකීම් මෙසේය. ජන රජයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අරක්ෂා කර අනුගමනය කෙරෙන බවට වග බලා ගැනීම,ජාතික ප්‍රතිසන්ධානය හා ඒකබද්ධතාවය ප්‍රවර්ධනය කිරීම, ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථා සභාව හා ස්වාධීන කොමිෂන් සභාවල ක්‍රියාකාරීත්වය සහතික කිරීම, නිදහස් හා සාධාරණ ඡන්ද විමසීම් පැවැත්වීමට උචිත වාතාවරණය සැකසීම,යන කාර්යයන් ජනාධිපතිවරයාට භාර වී ඇත. ජනරජයේ ජනාධිපතිවරයා ලෙස පත්වන ඕනෑම පුද්ගලයෙකු ඉහත කාර්යයන් නොපිරිහෙලා ඉටු කරනු ඇතැයි බලාපොරොත්තු වේ.මේ කාර්යයන් පිළිබඳ දැනුමක් හා අවබෝධයක් නැති වගකීම් විරහිත පුද්ගලයෙකු ජනාධිපති කිරීමට ඡන්ද දායකයින් ක්‍රියා කළොත් ජනරජයේ ජනාධිපති ධුරයේ කාර්යයන් නිසි පරිදි ඉටු නොවනවා පමණක් නොව සමස්ත රාජ්‍යයේ පැවැත්මට ද බලවත් අභියෝගයන් එල්ලවීමට ඉඩ ඇත.එක් ජනාධිපතිවරයෙකු “තමන් බලයට පත්වුණේ එක් ජනවර්ගයක හා ආගමක අයගේ ඡන්දයෙන්‍” ය යනුවෙන් ජාතිය අමතා ප්‍රකාශ කළේ ජනාධිපති ලෙස තමාට පැවරුණු කාර්යයන් අතර ඇති ජාතික ප්‍රතිසන්ධානය හා ඒකබද්ධතාවය පිළිබඳ කාර්යයන් ගැන මෙලෝ හසරක් නොදැන ය.තම කාර්යයන් ගැන නිසි අවබෝධයක් නැති ජනාධිපතිවරයෙකුට කොතරම් වැඩි ඡන්දයකින් පත් වුණත් සාර්ථක විය නොහැකි බව ඔප්පු කරමින් ඒ ජනාධිපතිවරයාට “පැදුරටත් නොකියාම” ගෙදර යාමට සිදුවූ අයුරු ඡන්ද දායකයන් සිහි කළ යුතු ය.

එමෙන්ම ඊට අතිරේකව ජනරජයේ ජනාධිපතිවරයා ස්වකීය තනතුරට ඇති සුවිශේෂී බලතල ද වගකීමකින් යුක්තව දැරීමට හැකි පුද්ගලයෙකු විය යුතුය.නො එසේ නම් ජනපති බලතල වඳුරකු ගේ අතර පත් දැලි පිහියක් වනු ඇත.ඒ බලතල අතර රජයේ ප්‍රධානියා ලෙස රාජ්‍ය පාලන ව්‍යුහයට අදාල අංග තුනෙන් ව්‍යවස්ථාදායකට සම්බන්ධව ජනාධිපතිවරයාට ඇති බලතල මෙසේය. පාර්ලිමේන්තුව සැසි වාර අවසන් කිරීම සැසිවාර ආරම්භයේ දී ආණ්ඩුවේ ප්‍රතිපත්ති ප්‍රකාශය ඉදිරිපත් කිරීම, මංගල සැසිවාරවල මුලසුන දැරීම, පාර්ලිමේන්තුව කැඳවීම,මාස තුනකට වරක් වත් පාර්ලිමේන්තු රැස්වීම් වලට සහභාගි වීම, පර්ලිමේන්තුව ඇමතීම,පාර්ලිමේන්තුව විසුරුවා හැරීම, පාර්ලිමේන්තු මහ ලේකම් පත්කිරීම, ආදී පාර්ලිමේන්තුව සම්බන්ධ ක්‍රියාවන්ට ජනාධිපතිවරයාට බලය ඇත. ජනාධිපතිවරයා ලෙස පත්වන තැනැත්තා ව්‍යවස්ථාදායකය කෙරෙහි තමාට ඇති බලතල ගෞරවනීය ලෙස භාවිතා කළ හැකි අයෙකු නොවුණොත් ව්‍යවස්ථාදායකය හා ජනාධිපතිවරයා අතර ගැටුම්කාරී තත්වයක් උද්ගත විය හැකිය.එමෙන්ම හැකි උපරිම අන්දමින් ව්‍යවස්ථාදායකයේ ගෞරවය ආරක්ෂා කිරීමටත් රාජ්‍ය නායකයා ක්‍රියා කළ යුතු වේ . රාජ්‍ය පාලනයේ ඊළඟ වැදගත් අංශයක් වන අධිකරණය අරභයා ද යම් යම් බලතල ජනාධිපතිවරයා සතු වේ අග්‍ර විනිශ්චය කාරවරයා ද ශ්‍රේෂ්ඨාධිකරණයේ සෙසු විනිසුරුවරුන් ද අභියාචනාධිකරණයේ සභාපතිවරයා ද සෙසු අභියාචනාධිකරණ විනිසුරුවරුන් ද මහාධිකරණවල විනිසුරුවරුන් ද නීතිපතිවරයා ද ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ නියමයන් යටතේ පත් කළ යුතු වන්නේ ජනාධිපතිවරයා විසිනි.එසේම නීතීඥ වෘත්තියේ විශිෂ්ඨත්වයට ඉවහල් වන වෘත්තීය පැවැත්මෙන් හා අවංක භාවයේ ඉහලින්ම සිටින අය හඳුනාගෙන ඔවුන් ජනාධිපති නීතීඥවරුන් ලෙස පත්කිරීමට ද ජනාධිපතිවරයාට බලය ඇත. මේ පත්වීම් රාජ්‍යයේ යහ පැවැත්මට ජනතාවට යුක්තිගරුක පාලනයක අයිතිය තහවුරු කිරීමට අදාල වන පත්වීම් ය.විශේෂයෙන් අධිකරණයේ පත්වීම් වලදී ඇතැම් ජනාධිපතිවරුන් සිය පෞද්ගලික හිතවත් කම් මත බලවත් ලෙස චෝදනා ලැබී තිබුණු පුද්ගලයන් එම තනතුරුවලට පත්කර එම ආයතනවල ගෞරවයට හානි සිදු කළ අවස්ථා අපට මතකය.එම නිසා ජනාධිපති ධුරය දරන්නා අධිකරණයට උචිත හා සුදුසු පුද්ගලයන් පත් කළ හැකි අධිකරණයේ ස්වාධීත්වය හා වැදගත් කම ගැන මනා අවබෝධයක් සහිත හා පරිණත භාවයක් ඇති අයෙකු විය යුතු ය.

එසේම ශ්‍රී ලංකා ජනරජය නියෝජනය කරමින් වෙනත් රාජ්‍යවල කටයුතු කිරීමට තානාපතිවරුන් මහ කොමසාරිස්වරුන් පත්කිරීම සඳහා බලය ඇත්තේ ද ජනාධිපතිවරයාට ය.එය රාජ්‍ය නායකයා ලෙස ජනාධිපතිවරයාට ඇති බලයකි. මෙහිදී ද අප සිහිපත් කළයුත්තේ ඇතැම් ජනාධිපතිවරුන් ශ්‍රී ලංකා ජනරජය නියෝජනය කිරීම සඳහා පත්කළ තානාපතිවරුන් විදේශ අධිකරණයන්හිදී දූෂණ හා වංචා වලට වරද පිළිගත් සිද්ධීන් ය. එබඳු දෙයින් අපකීර්තියට පත්වූයේ ශ්‍රී ලංකා ජනරජය යි. එම නිසා රාජ්‍ය තාන්ත්‍රික සේවාව පිළිබඳව හොඳ අවබෝධයක් සහිත ජ්‍යාත්‍යන්තර රාජ්‍ය තාන්ත්‍රික කටයුතු පිළිබඳව සැලකිල්ලෙන් ක්‍රියාකරන පුද්ගලයෙකු ජනාධිපති ධුරයට පත් කිරීමට ජනතාව ක්‍රියා කිරීම අවශ්‍යය. ජන රජයට අයත් භූමිය හා නිශ්චල දේපල යම්‍ යම් කටයුතු සඳහා ප්‍රදානය කිරීමේදී හා පවරා දීමේදී හා වෙනත් නිශ්චිත රාජ්‍ය කටයුතුවලදී ඊට අදාල ලේඛනවල රාජ්‍ය මුද්‍රාව තබා සහතික කිරීමට බලය පවතින්නේ ද ජනාධිපතිවරයාටයි .ජනතාවගේ ආරක්ෂාව සැපයීම ද ඒ සඳහා යුද්ධය හා සාමය ප්‍රකාශ කිරීමට ද වැරදි කරුවන්ට සමාව ප්‍රදානය කිරීමට ද ජනරජයේ ජනාධිපතිට රාජ්‍ය නායකයා ලෙස ඇති බලයන් වේ.මේ බලතල ක්‍රියත්මක කිරීමේදී හිතුවක්කාර ලෙස ක්‍රියා කරමින් ජනාධිපති බලතල අවභාවිතා කළ බව අධිකරණය ඉදිරියේ පැහැදිලිව ඔප්පු වූ ජනාධිපතිවරුන් ගැනත් අත්දැකීම් අප සතු බැවින් සැබෑ නීති ගරුක බලය අවභාවිතා නොකරන අවංක අයෙකු ජනාධිපති ලෙස පත් කළ යුතු ය.

ශ්‍රී ලංකා ජනරජයේ ජනාධිපතිවරයාට ලැබෙන ඊළඟ වගකීම වන්නේ විධායකයේ ප්‍රධානියා ලෙස පැවරෙන වගකීමයි විධායකයේ ප්‍රධානියා ලෙස ජනාධිපතිවරයාට රාජ්‍යයේ නීති ක්‍රියාත්මක කිරීම පිළිබඳ වගකීම පැවරී ඇත.එම වගකීම ඉටු කිරීම සඳහා ජනාධිපතිවරයාට අමාත්‍ය මණ්ඩලයක් පත් කිරීම අමාත්‍යංශ විෂය පථයන් තීරණය කිරීම ඒ ඒ රාජ්‍ය ආයතන අමාත්‍යංශ යටතට පත්කිරීම අමාත්‍යංශ සඳහා ලේකම්වරුන් පත් කිරීම අමාත්‍යවරුන්ගේ විධානය හා පාලනය යටතේ අමත්‍යංශ ලේකම් වරුන් මගින් රාජ්‍ය ආයතනවල කටයුතු මෙහෙයවීම ආදී සුවිශේෂ කාර්යයන් රැසක් ජනාධිපතිවරයාට පැවරී ඇත. මේ කාර්යයන් ඉටුකිරීමේදී රාජ්‍යයේ යහපතට හේතුවන ලෙසත් මහජනතාවට රාජය සමග කෙරෙන කටයුතු පහසුවෙන් කඩිනමින් කරගත හැකිවන පරිද්දෙනුත් රාජ්‍ය සම්පත් අවභාවිතා නොවන අන්දමින් ක්‍රියාකිරීමටත් මනා අධීක්ෂණයක් හා අඛණ්ඩ මෙහෙයවීමක් කළ හැකි අයෙකු විධායකයේ ප්‍රධානියා විය යුතුව ඇත. එසේම විධායකයේ ප්‍රධානියා අසීරු අවස්ථාවල නොබියව තීරණ ගත හැකි අයෙකු ද විය යුතුය. අභියෝග ඉදිරියේ පලා නොයන නොබියව අභියෝගවලට මුහුණ දීමට හැකියාව ඇති අයෙකු වීම ද අත්‍යාවශ්‍ය වේ.පවතින කරුණු මත තීරණයක් ගෙන ක්‍රියාත්මක කළ හැකි අයෙකු මිස පවුලේ අයගේ, හිතමිතුරන්ගේ, තමන්ගේ දේශපාලන හෙංචයියලාගේ, කුස්සි කැබිනට් වල ආදී වශයෙන් වන පුද්ගලික සම්බන්ධතා මත යැපෙන අයෙකු විධායකය මෙහෙයවන ප්‍රධානියා වීම රටක විනාශයට හේතු වන බවට දෙස් විදෙස් නිදසුන් ඕනෑතරම් තිබේ.විධායකයේ ප්‍රධානියා රට වෙනුවෙන් ක්‍රියාකරනවා මිස රාජ්‍ය සම්පත් හා තනතුර යොදාගෙන තමන් පිම්බෙන ජාතියේ කෙනෙකු නොවිය යුතු ය. ඇතැම් විධායකයේ ප්‍රධානීන් අමාත්‍ය මණ්ඩලයේ සංඛ්‍යාව අසීමිත ලෙස ඉහල නංවා තම හිතවතුන්ට තනතුරු ප්‍රදානය කර තම පවුලේ සාමාජිකයින්ට අනිකුත් අමාත්‍යංශ පාලනය කළ හැකි වන ලෙස සුපිරි ඇමතිවරුන් බිහිකර කළ ධන නාස්තිය හා දූෂණයන් සිහිපත් කර අභියෝග ඉදිරියේ නොසැලෙන ජනප්‍රියත්වය වෙනුවට රටේ යහපත වෙනුවෙන් තීරණ ගත හැකි පවුල් වාදයේ හිරවී නැති වෙනත් කල්ලි කණ්ඩායම්වල කොන්දේසි නියමයන් හා රෙගුලාසිවලින් බැඳී නැති අයෙකු විධායකයේ ප්‍රධනියා කිරීමත් එහිදී පත්වන තැනැත්තාගේ කලමනාකරණ හැකියාවක් පිළිබදව විශේෂ අවධානයකින් සලකා බැලීමත් අවශ්‍ය වේ.

ජනාධිපතිවරයා ආණ්ඩුවේ ප්‍රධානියා වන බැවින් අමාත්‍ය මණ්ඩලය සමග නිරන්තරයෙන් අදහස් හුවමාරු කරගත යුතු වේ එහිදී ඔහු හොඳ ඇහුම්කන් දෙන්නෙකු මෙන්ම අන් අයගේ මතයට ගරුකරන අයෙකුද වීම අත්‍යවශ්‍ය වේ.එසේම කණ්ඩායම් හැඟීමෙන් කටයුතු කිරීමේ කුසලතාවය ද ජනාධිපතිවරයා සතු විය යුතුමය. එසේම අධීක්ෂණයෙන් හා මඟපෙන්වීමෙන් හැර අන් අයුරකින් අමාත්‍යංශවල කටයුතුවලට නායකයා මැදිහත් නොවිය යුතුය. සෑම දෙයක්ම කළ යුත්තේ තමා විසින්‍මය අන් අය සියල්ලෝම තමාගේ පදයට නැටිය යුතු රූකඩයන් ය කියා සිතන ඒකාධිපති මානසිකත්වයක් සහිත චරිත රාජ්‍ය නායකත්වයට සුදුසු නැත.එමෙන්ම ශ්‍රී ලංකා ජනරජයේ ජනාධිපතිවරයාට ශ්‍රී ලංකා ආණ්ඩුක්‍රම ව්‍යවස්‍ථාව අනුව තමනට පැවරී ඇති බලතල පාවිච්චි කිරීම සම්බන්ධ ප්‍රතිඥාවන් හැරුණු කොට එය උල්ලංඝනය වන අන් කිසිදු බාහිර ප්‍රතිඥාවක්,ප්‍රතිපත්තියක් මත ක්‍රියාත්මක වීමේ නීත්‍යානුකූල හිමි කමක් නැත.එවිට ඒමඟින් ද ඔහු එම පදවියට නුසුදුස්සකු වනු ඇත.මෙය ද ඡන්දදායකයන් ද විශේෂයෙන් දැන සිටිය යුත්තකි.

ශ්‍රී ලංකාවේ ජනාධිපතිවරයාට ලැබෙන අතිශය වැදගත් භූමිකාවක් වන්නේ සන්නද්ධ හමුදාවල සේනාධිනායකත්වයයි.යුද,නාවික ගුවන් හමුදා රාජ්‍යය විසින් නඩත්තු කරන්නේ බාහිර හා අභ්‍යන්තර සතුරන්ගෙන් රාජ්‍යට එල්ලවන තර්ජනයන් මැඩ පැවැත්වීමටය.ඒසඳහා වන ඕනෑම අභියෝගයක් සඳහා මූණ දීමට හැකි වෘත්තීය හමුදාවන් බවට ත්‍රිවිධ හමුදාව ගුණාත්මකව සංවර්ධනනය කිරීමේ වගකීම ඇත්තේ ද ජනාධිපතිවරයාටය.හමුදා වල ප්‍රධානීන් මගින් හමුදා සොල්දාදුවන් තමන්ගේ හෙංචයියන්ගේ ව්‍යාපාරවල ආරක්ෂක කටයුතුවලට යෙදවීම දේවාලවල ආවතේව කටයුතුවලට යෙදවීම රටේ වෙනත් ආයතන විසින් කළ යුතු සාමාන්‍ය කාර්යයන්වල හමුදාවන් යෙදවීම ගෙවල් දොරවල්වල ගෘහස්ථ කටයුතු බල්ලන් නෑවීම පවා හමුදා සාමාජිකයින්ගෙන් කරවා ගැනීම, රටේ සිවිල් පාලනයේ කටයුතු සන්නද්ධ හමුදා ලවා කර ගැනීම වැනි දේවලින් ආරක්ෂක හමුදාවල ගෞරවයට හානි සිදුවේ .මේවා මේ ලෙසම සටහන් කරන්නේ ජනතා ඡන්දයෙන් පත් වූ සේනාධිනායකයින්ගේ අතීත ක්‍රියා සිහිපත්වන්නට ය. මේ නිසා තමන්ගේ ඡන්දයෙන් පත්වන රාජ්‍ය නායකයා රටේ හමුදාවන්වල ගෞරවයට සුදුසු මට්ටමේ කෙනෙකු ද වියයුතු බව ඡන්ද දායකයින් තේරුම් ගත යුතු ය.

ජනාධිපතිවරයාට අයත් පංච මහා භූමිකාවන් මැනවින් ඉටුකළ හැකි අපේක්ෂකයෙකු තෝරා ගන්නවා මිස වේදිකාවල සමාජ මාධ්‍ය වල ප්‍රශස්තිකාර ඇම්බැට්ටයින් හා හෙංචයියන් වර්ණනා කරන අපේ එකා, පංති සගයා, නොනිදා වැඩ කරන නායකයා, වැඩකරන විරුවා, ජාතියේ පියා, සරල මිනිසා, දුක්විඳින අපේ ගැලවුම්කාරයා,අවංකයා, ආදී ප්‍රශස්තිවලට රැවටී තම වටිනා ඡන්දය නිකමුන්ට සරුව පිත්තල චරිතවලට බොරු ෂෝ කාරයින්ට හෝ තිරය පිටුපස සිට අදින රූකඩ වලට නටවන අපේක්ෂකයින්ට දුන්නොත් මුලුමහත්‍ රාජ්‍යයම අනතුරට හෙලන බව ඡන්ද දායකයින් දැනගතයුතු ය.

ජනාධිපතිවරයාට අයත් පංච මහා භූමිකාවන් මැනවින් ඉටුකළ හැකි අපේක්ෂකයෙකු තෝරා ගන්නවා මිස වේදිකාවල සමාජ මාධ්‍ය වල ප්‍රශස්තිකාර ඇම්බැට්ටයින් හා හෙංචයියන් වර්ණනා කරන අපේ එකා, පංති සගයා, නොනිදා වැඩ කරන නායකයා, වැඩකරන විරුවා, ජාතියේ පියා, සරල මිනිසා, දුක්විඳින අපේ ගැලවුම්කාරයා,අවංකයා, ආදී ප්‍රශස්තිවලට රැවටී තම වටිනා ඡන්දය නිකමුන්ට සරුව පිත්තල චරිතවලට බොරු ෂෝ කාරයින්ට හෝ තිරය පිටුපස සිට අදින රූකඩ වලට නටවන අපේක්ෂකයින්ට දුන්නොත් මුලුමහත්‍ රාජ්‍යයම අනතුරට හෙලන බව ඡන්ද දායකයින් දැනගතයුතු ය.එම නිසා මේ ජනාධිපතිවරණය ඡන්දය වෙස්සන්තර මෙන් දන්දෙන්නෙකු, තමන්ගේ එකාට රස්සාවක් දෙන එකෙකු, කොන්ත්‍රාත්කක් දෙන එකෙකු, සහනාධාර වැඩියෙන දෙන එකෙකු, පඩි වැඩියෙන් දෙන එකෙකු ආදී පුද්ගලිකව තමන්ට වාසි සලසන එකෙකු පත්කරන්නට භාවිතා නොකර ශ්‍රී ලංකා ප්‍රජාතන්ත්‍රවාදී සමාජවාදී ජනරජය වෙනුවෙන් තමන්ට පැවරුණු පංචමහ භූමිකාවන් හරියට කරන්න පුලුවන් අපේක්ෂකයෙකුට පාවිච්චි කිරීම ඡන්ද දායකයාගේ යුතුකම බව සිහිපත් කරනු කැමැත්තෙමි.

සුනිල් කන්නන්ගර කොළඹ රත්නපුර අම්පාර හිටපු මහ දිසාපති

එතෙර - මෙතෙර