අප කුඩා කාලයේ අපේ පාසල් පොත් අතරේ ගැවසුණු අමුතු මුදල් නෝට්ටු වර්ගයක් විය.විවිධ පුද්ගලයන්ගේ සහ වැදගත් ස්ථාන වල ඡායාරූප සහිත මේ නෝට්ටු විවිධ වැදගත් සමාජමය සංසිද්ධීන් මුල් කොට මුද්‍රණය කරවා සුළු මිල ගණන් වලට විකුණන ලදී.
අවසන් වරට මේ වර්ගයේ මුදල් නෝට්ටු බහුලවම මුද්‍රණය කෙරුණේ විජය කුමාරතුංගයන්ගේ අවමඟුල මුල් කොට ඔහුගේ කඩවසම් රූපකාය ද එක් කරමිනි.
ඊට පෙර 1956 වසරේ එළඹි 2500 බුද්ධ ජයන්තිය මුල් කොට ද මෙම වර්ගයේ මුදල් නෝට්ටු බහුලවම බෙදා හරින ලදැයි කියනු ලැබේ. නමුත්, මේවා ශ්‍රී ලංකාවේ වලංගු මුදල් නෝට්ටු නොවන බවත් ඒවායින් කිසිදු ගනුදෙනුවක් කළ නොහැකි බවත් ඒවායේ සඳහන් විය.
ඒ 1949 අංක 58 දරන මුදල් නීති පනතට අනුව ශ්‍රී ලංකාවේ ව්‍යවහාර මුදල් නෝට්ටු සහ කාසි නිකුත් කිරීමේ අධිකාරිගත බලය ශ්‍රී ලංකා බහ බැංකුව සතු බැවිනි.ඉහත කී මුදල් නෝට්ටු වලංගු නොවන බව සඳහන් නොවිණි නම් ඒකාන්ත ලෙසම ඒවා ව්‍යාජ මුදල්ව නෝට්ටු වනු ඇත.
රටක මුදල් අච්චු ගැසීමේ බලය ඇත්තේ මහ බැංකුව වෙත පැවරී ඇත්තේ මහා භාණ්ඩාගාරයේ උපදෙස් මත ය. බලයේ සිටින ආණ්ඩුවේ ආර්ථික ප්‍රතිපත්තිය මත මුදල් ඇමතිවරයාගේ නියමය පරිදි මුදල් අච්චු ගසනු ලබයි. නමුත් මෑත කාලයේදී ශ්‍රී ලංකා මහාබැංකුව ඉවක් බවක් නැතිව මුදල් අච්චු ගැසීය. එය තවමත් නතරවී නොමැත.
ඔක්තෝම්බර් මාසයේ පළමු දින 4 ට පමණක් රුපියල් බිලියන 110.58 ක් මුදල් ලෙස අච්චු ගසා ඇති බව හිටපු ආණ්ඩුකාරවරයෙකු වන කීර්ති තෙන්කෝන් පවසයි. ශ්‍රී ලංකා ආර්ථිකයේ කඩා වැටීම නවතා ගැනීම වෙනුවෙන් යැයි පවසමින් හිටපු මහබැංකු අධිපති ආචාර්ය ඩබ්ලිව්.ඩී ලක්ෂමන් ඉවත් කොට අජිත් නිවාඩ් කබ්රාල් පත් කළේය.
වරලත් ගණකාධීකාරී වරයකු මිස ආර්ථික විශේශඥයකු නොවන කබ්රාල් පැමිණි දින සිට මේ දක්වා රුපියල් කෝටි 15,842 ක් මේ වන විට අච්චුගසා තිබෙන බව වාර්තා වේ. නව රජය බලයට පැමිණිමෙන් පසු මුද්‍රණය කොට ඇති මුදල් ප්‍රමාණය රුපියල් කෝටි එක් ලක්ෂ තිස් හය දහස් අටසියයකට වැඩිය.
පසුගිය ජනවාරී සිට මේ දක්වා ශ්‍රී ලංකා මහ බැංකුව ආණ්ඩුව වෙනුවෙන් මුද්‍රණය කර ඇති මුදල රුපියල් කෝටි 136,805 කි. (රු. 1,368,050,000,00). මෙය කියැවීමට හෝ ඉලක්කමෙන් ලිවීමට පවා අපහසු මුදල් සංඛ්‍යාවකි.
ඉවක් බවක් නැති මුදල් අච්චු ගැසීම ලංකා ආර්ථික නූල කඩා දැමූ සංරංගලයක් බවට පත්ව ඇතැයි ද හිටපු ආණ්ඩුකාර කීර්ති තෙන්කෝන් කියයි. රටේ ආර්ථිකය මේ අනුව දිගින් දිගටම අගාධයකට යන ආකාරයක් පෙනී යයි. රාජ්‍ය මූල්‍ය කටයුතු සහ මුදල් අච්චු ගැසීම සම්බන්ධයෙන් තවමත් ආර්ථික විද්‍යාඥයින්ගේ සෘජු මැදිහත්වීමක් ඇතැයි පෙනෙන්නට නැත.
රජය තම නාස්තිකාර වියදම් දෛනිකව ඉහළ නංවමින් සිටියි. ඒවා පියවා ගැනීමට රටේ සම්පත් කිසිදු මුල්‍ය විනිවිදභාවයකින් තොරව විදෙස් සමාගම් වෙත විකුණා දමමින් සිටින බව නොරහසකි. ඩොලර් හිඟය තුළ රජය මුදල් අච්චු ගසනවා යනු ආර්ථිය අගාධයට ඇදගෙන යන්නකි. භාණ්ඩ මිල කිසිදු පාලනයකින් තොරව ඉහළ යමින් තිබේ.
ශ්‍රී ලංකා මහ බැංකුවේ සංඛ්‍යා ලේඛන අනුව 2020 ජනවාරි 01 දින වන විට ශ්‍රී ලංකා මහ බැංකුව සතු ආණ්ඩුවේ භාණ්ඩාගාර බිල්පත් හා භාණ්ඩාගාර බැඳුම්කරවල මුහුණත අගය රු. බිලියන 74.74 ක් විය. එය 2021 ඔක්තෝම්බර් 06 වනදා වන විට රු.බිලියන 1442.79 කි. මෙයින් පෙන්නුම් කරන්නේ රුපියලේ අගය කඩා වැටීම ය.
දිගින් දිගටම මුදල් අච්චු ගැසීම තුළ තවදුරටත් රුපියල බාල්දු වනු ඇත. රුපියල බාල්දුවීම තුළ මුදලේ වටිනාකම පිරිහී5000 නෝට්ටුව වෙනුවට රුපියල් 10,000 නෝට්ටුව මුද්‍රණය කිරීමට සිදුවනු ඇත. ලංකාව තුළ මේ ආණ්ඩුව පැමිණිමෙන් පසු මුද්‍රණය කළ මුදල් ප්‍රමාණය රුපියල් ට්‍රිලියන දෙකට ආසන්න වෙමින් තිබේ.
රුපියල් 100 කින් අද කළ හැකි දෙයක් නොවේ. රුපියල් 10 මුදල් නෝට්ටුව අද භාවිතයේ ද නැත. ඇත්තේ රුපියල් 10 කාසියකි. රුපියලේ කාසි ද සොයා ගැනීම ඉතා දුබලය. මුදල් අච්චු ගැසීමේ ප්‍රතිඵල මෙයාකාරය. ඩොලර් අඩුවී රුපියල් අච්චු ගැසීම ඉහළ ගියහොත් අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍යයන්ගේ මිල තවදුරටත් ඉහළ යනු ඇත.
සිම්බාබ්වේ මුදල් නෝට්ටුවල වටිනාකම පහළයාම නිසා ඔවුන් දේශීය මුදල් නාමය ඉවත් කොට ඩොලර් භාවිතා කිරීමට පටන් ගත්තේය. ඒතරමටම ඔවුන්ගේ මුදල් ඒකකය පිරිහී ගියේය.
සිම්බාබ්වේ රාජ්‍ය ට්‍රිලියනයක කොටලය පවා මුද්‍රණය කළේය. ඇමරිකානු ඩොලරයේ සංඛ්‍යාත්මක අගය ඩොලර් 100 නෝට්ටුව පමණකි. ඉන් ඉහළ නෝට්ටු නොමැත.
පිලිපීනයේ හා ඉන්දුනිසියාව වැනි රටවල මිලියනයේ මුදල් නෝට්ටුව තිබේ. ලංකාවේ මුදල් නෝට්ටුවට එසේ නොවේවායි පතමු. නමුත් තවදුරටත් රුපියල් මුද්‍රණය කිරීමට ගියහොත් එය එසේ නොවෙතැයි කිව නොහැකිය.
අතීතයේ ජනප්‍රිය මාධ්‍යයක් වූ කවි කොලයකට ඇති වටිනාකමවත් මෙරට රුපියල් නෝට්ටුවලට හිමි නොවනු ඇත.අවසානයේ ඒවාට හිමි වනුයේ මැල්ලුම් කොළ වලට හිමි වටිනාකම පමණි.
මෙය මහ මඟ සිඟමන් යදින යාචකයාට පවා සෘජුවම බලපාන අතිශය අහිතකර තත්වයකි.ලසන්ත වීරකුලසූරිය