කොරෝනා වෛරසය පාලනය සඳහා ෆයිසර් එන්නත ලබා ගත් පුද්ගලයන්ට අතුරු ආබාධ විවිධ සංකූලතා ඇති වන බවටත් ඉන් බොහෝ දෙනකු මරණයට පත්ව ඇති බවටත් දෙස් විදෙස් මාධ්‍ය ඔස්සේ ප්‍රචාරය වන පුවත් අසත්‍ය බව වසංගත රෝග විද්‍යා අංශය සඳහන් කරයි.මේ සම්බන්ධයෙන් ලෝක සෞඛ්‍ය සංවිධානය මෙතෙක් කිසිදු ප්‍රකාශ නිකුත් කර නැති බවද පවසන වසංගත රෝග විද්‍යා අංශය මෙලෙස සංසරණ යන පුවත් ගැන බියක් ඇති කර නොගන්නා ලෙසද ජනතාවගෙන් ඉල්ලීමක් කරයි.එමෙන්ම ෆයිසර් එන්නත සම්බන්ධයෙන් එවන් අහිතකර තත්වයක් පිළිබඳව ලොව කිසිදු රටකින් සායනික වශයෙන් තහවුරු වී නොමැති අතර මෙය විද්‍යාත්මක නොවන කරුණු මත පදනම් වන සමාජ මිථ්‍යාවක් බව ද සෞඛ්‍ය අංශ පෙන්වා දී තිබේ.