ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ජ්‍යේෂ්ඨ උපසභාපති වරයකු වන, ජනාධිපති නීතීඥ ෆයිසර් මුස්තාෆා මහතා එම පක්ෂයේ සියලුම තනතුරුවලින් සේම සාමාජිකත්වයෙන් ද ඉවත්වී තිබේ.ඊට අදාළ ලිපිය ඒ මහතා විසින් අද (15) පස්වරුවේදී පක්ෂ නායක, හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට ලබා දී ඇත.ඒ, අද පස්වරුවේ පැවැත්වුණු ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ විශේෂ සාකච්ඡාව අතරතුර දී ය. ෆයිසර් මුස්තාෆා මහතා මෛත්‍රීපාල සිරිසේන මහතා ජනපති පදවිය හොබවන කාලයේ ඔහු ගේ නීති කටයුතු පිළිබද උපදේශක ලෙස ද කටයුතු කොට ඇති අතර එක්සත් ජනතා නිදහස් සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු වූ ෆයිසර් මුස්තාෆා මහතා පසුගිය රජයේ ගුවන් සේවා කටයුතු පිළිබඳ හිටපු රාජ්‍ය අමාත්‍යවරයා ද විය. හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ රජයේ හිටපු ආයෝජන ප්‍රවර්ධන නියෝජ්‍ය අමාත්‍යවරයෙ වශයෙන් ද කටයුතු කළ.මුස්තාෆා මහතා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මැද කොළඹ සංවිධායක ලෙස ද කටයුතු කළේය..