නැඟෙනහිර ටිමෝරයේ නිදහස් අරගලය වෙනුවෙන් දැක්වූ සුවිශේෂී දායකත්වය අගයමින් එරට ජනාධිපති රාමෝස් හොර්තා මහතා විසින් පසුගිය දා එරට රජයේ ඉහළ ම වීර සම්මානය ශ්‍රී ලාංකික සිවිල් සමාජ ක්‍රියාකාරිකයෙකු සහ වෙබ් මාධ්‍යවේදියකු වන ෆ්‍රෙඩී ගමගේ මහතාට ප්රදානය කරන ලදී. නැඟෙනහිර ටිමෝරය ඉන්දුනිසියාවත් ඔස්ට්‍රේලියාවත් අතර පිහිටි කුඩා රාජ්‍යයකි. එරට නිදහස උදෙසා ආසියා පැසිෆික් කලාපීය රටවල නිදහස්කාමීන් දීර්ඝ අරගලයන්හි නිරත වූහ. ඒ වෙනුවෙන් කැපවීම නිසා ෆ්‍රෙඩී ගමගේ මහතා මානිල් ගුවන් තොටුපළේ දී දෙවරක් හා ක්වාලාම්පූර් ගුවන් තොටුපළේදී එක්වරක් පිටුවහල් කිරීමට ද ලක්විය. ගමගේ මහතා වෘත්තීය වෙබ් මාධ්‍යවේදීන් ගේ සංගමයේ සභාපති වරයා ද වෙයි.