අරගල කරුවන් කියන්නේ ජවිපෙ අනු සංවිධාන සාමාජිකයන්ට

ගාලුමෝදර අරගලකරුවන් යනු තම පක්ෂයේ අනු සංවිධාන වලට අයත් පිරිසක් බව ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර දිසානායක මහතා සඳහන් කරයි.සමාජවාදී තරුණ සංගමය, සමාජවාදී ශිෂ්‍ය සංගමය, සමාජවාදී කලා සංගමය ආදී සංවිධාන අරගලයෙහි යෙදී සිටි බව ඔහු පවසයි.දැනට පාර්ලිමේන්තුවේ පවතින සංයුතිය ජනතාවගේ කැමැත්තත් අතර විශාල පරස්පරයක් පවතින බවද කී ඔහු ඒ නිසා වඩා වැදගත් වන්නේ ඉතා ඉක්මනින් නව පාර්ලිමේන්තුවක් පිහිටුවීම බවද සඳහන් කළේය.එම අවස්ථාව ලබාදෙන තෙක් අන්තර්කාලීන පාලනයක් අවශ්‍ය බවත් එම කාලය තුළ රට භාර ගැනීමට තම පක්‍ෂය සූදානම් බවද හෙතෙම තව දුරටත් කියා සිටියේය.

කාලීන පුවත්