
අලිමංකඩ ලුණු කර්මාන්ත ශාලාව අද විවෘත කෙරේ
අලිමංකඩ ලුණු කර්මාන්ත ශාලාව අද (29) විවෘත කෙරේ. ජාතික ලුණු සමාගමේ සභාපති ගයාන් වෙල්ලාල මහතා පැවසුවේ, මෙම කර්මාන්ත ශාලාවේ පැයක මෙට්‍රික් ටොන් 5ක ලුණු නිෂ්පාදනය කෙරෙන බවයි …

ප්‍රදේශ රැසකට යළිත් උණුසුම් කාලගුණය පිළිබඳ අනතුරු ඇඟවීම්
දිවයිනේ ප්‍රදේශ කිහිපයක උණුසුම් කාලගුණය අවධානය යොමු කළ යුතු මට්ටමක පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. එම දෙපාර්තමේන්තුව පැවසුවේ, ඒ අනුව උතුරු, උතුරු මැද, වයඹ, සබරගමුව පළාත්වල මෙන්ම ත්‍රිකුණාමලය, මඩකලපුව, කොළඹ හා ගම්පහ දිස්ත්‍රික්ක සඳහා ඇතැම් ස්ථානවල උණුසුම් දර්ශකය හෙවත් මිනිස් සිරුරට දැනෙන උණුසුම අවධානය …

“රිලා වඳුරු” සංගණන ප්‍රතිඵල “ෂුවර් මදි” ඒවා ජනතාවට දෙන්න බෑ
පසුගිය 15 වන දා පෙ.ව 8.00-8.05 අතර කාලය තුළ සිදු කරන ලද මෙරට සතුන් සංගණය සම්බන්ධ දැනට ලැබී ඇති දත්ත සියයට සීයක් නිවැරදි යැයි පිළිගත නොහැකි බව කෘෂිකර්ම අමාත්‍යංශයේ කෘෂි තාක්ෂණික අධ්යක්ෂ හේමන්ත සමරසිංහ මහතා සඳහන් කරයි. ඒ අනුව දැනට ලැබී ඇති දත්ත නැවත වතාවක් …

උසස් පෙළ ප්‍රතිඵල අලුත් අවුරුද්දට පෙර නිකුත්කිරීමට උත්සාහයක්
අලුත් අවුරුද්දට පෙර උසස් පෙළ විභාග ප්‍රතිඵල නිකුත් කිරීම සඳහා විභාග දෙපාර්තමේන්තුව දැඩි උත්සාහයක් ගනිමින් සිටින බව එහි ආරංචි මාර්ග කීවේය.ප්‍රතිඵල නිකුත් කිරීමට අදාළ කටයුතු බොහෝ දුරට අවසන් වෙමින් පවතින බවත් එම ආරංචි මාර්ග සඳහන් කළේය. පසුගිය වසරේ නොවැම්බර් මස 25 වැනිදා පැවැති මෙම විභාගය …

“රිළා වඳුරු” සංගණන වාර්තතාව කල් යයි
මාර්තු 15 වන දින දිවයින පුරා පවත්වන ලද සත්ව සංගණන වාර්තතාව අද(28) ප්‍රකාශයට පත් කළ හැකි බව කෘෂිකර්ම නියෝජ්‍ය අමාත්‍ය නාමල් කරුණාරත්න මහතා ප්‍රකාශ කළ ද තව දුරටත් දත්ත සමාලෝචනය කිරීමට අවශ්‍ය නිසා එය තව දුරටත් ප්‍රමාද වන බව වාර්තා වේ.නමුත් එම සත්ව තොරතුරු විමසුම …

ජාතික ගමනා ගමන කොමිෂන් සභාවේ සභාපති ඉල්ලා අස්වෙයි
ජාතික ගමනා ගමන කොමිෂන් සභාවේ සභාපති ආචාර්ය බන්දුල දිලීප විතාරණ එම තනතුරෙන් ඉල්ලා අස්වී තිබේ. මීට අදාළ ලිපිය ප්‍රවාහන ඇමැති බිමල් රත්නායක සහ අමාත්‍යාංශ ලේකම් කපිල පෙරේරා වෙත යොමු කර ඇතැයි ප්‍රවාහන අමාත්‍යාංශ ආරංචිමාර්ග කියා සිටියි. ඔහු ජාතික ජන බලවේගයේ ප්‍රවාහන කමිටුවේ සභාපතිවරයා ලෙස ද …

Condé Nast Traveler ජාත්‍යන්තර සංචාරක සඟරාව ශ්‍රී ලංකාව පදිංචිය සඳහා ද හොඳම රට කියන්නේ ඇයි?
අප රටේ ජීවත් වන සැලකිය යුතු පිරිසක් වඩාත් දියුණු රටකට සංක්‍රමණය වී සැපවත් ජීවිතයක් ගත කිරීමේ සිහින දකිමින් සිටින බැව් නොරහසකි. ඔස්ට්‍රේලියාව, නවසීලන්තය, පින්ලන්තය, ඉතාලිය, ප්‍රංශය ආදී ප්‍රධාන පෙළේ රටවල් කිහිපයක්ම ඔවුන්ගේ ලැයිස්තුවේ ඉහළින් ම පවතී. අප රටේ පවතින අධ්‍යාපන ක්‍රමය, ආර්ථික, සමාජ සාධාරණත්වය වැනි කාරණා පිළිබඳ දැඩි කලකිරීමකින් යුක්තව සිටින නමුත් විදෙස් රටකට සංක්‍රමණය වීමේ හැකියාවක් නොමැති සෑහෙන ප්‍රමාණයක් ද සිටිනු දකින්නට ලැබේ. තත්ත්වය එසේ වුවත් මෑතක දී එක්සත් රාජධානිය පදනම් වූ Condé Nast Traveler නම් ජාත්‍යන්තර සංචාරක සඟරාව තමා කළ සමීක්ෂණයක වාර්තාව එළිදක්වා …

Vitz ලක්ෂ 12 කතාව කෙසේ වෙතත් ලෝකයේ අඩුම වාහන මිල ගණන් මෙන්න
වසර පහක කාලයක් සිට අත්හිටුවා තිබුණු පුද්ගලික පරිහරණය පිණිස වාහන ආනයනය නිමා කරමින් පසුගිය පෙබරවාරි 25 වැනිදා මුල්ම වාහන තොගය ශ්‍රී ලංකාවට ළඟ විය. කෙසේ නමුත් බොහෝ දෙනෙකු නගන ප්රශ්නය වන්නේ මේ වාහන මිලදී ගන්නට තරම් පොදු ජනතාවට වත්කමක් තිබේද යන්නය. මන්ද අලුතින් ආනයනය කරන ලද වාහන සියල්ලකගේම මිල ලක්ෂ 200 ඉක්මවා යන බැවිනි. ජාතික ජන බලවේග පක්ෂයේ එක් ජනප්‍රිය කථිකයකු සිය ඡන්ද මැතිවරණ වේදිකාවල නිතර පවසන ලද්දක් වූයේ අප රටේ වාහන මිල (එවකට පැවති) සමග සැසඳීමේ දී සාමාන්‍ය පුද්ගලයකු වසර ගණනාවක් තිස්සේ මුදල් එකතු …

ආසියාවේ ලොකුම ධනවතුන් පස් දෙනා
මෙය ආසියානු කලාපයෙන් ද ඉහළම පෙලේ බිලියනපතියන් වැඩි වැඩියෙන් බිහි වෙමින් සිටින කාලයකි. මේ වනවිට ලෝකයේ බිලියනපතියන් වැඩිම සංඛ්‍යාවක් සිටින රට වන්නේ ඇමරිකාවයි. නමුත් 2024 වසරට අදාළව ෆෝබ්ස් ආයතනය නිකුත් කර ඇති වාර්තාවකට අනුව මෙම ලැයිස්තුවේ දෙවැනි තුන්වැනි ස්ථාන දිනාගෙන සිටින්නේ ආසියාවේ රටවල් ය. චීනය බිලියනපතියන් සංඛ්‍යාව අතින් දෙවැනි තැන දිනා සිටින අතර ඉන්දියාව තුන්වැනි තැනට පැමිණ සිටියි. බටහිර ඉතා ධනවත් රටවල් පවා සිටින්නේ ඊට පහළිනි. ආසියාවේ ලොකුම ධනවතා සිටින්නේ අප අසල්වැසි ඉන්දියාවේ යි. ඒ මුකේෂ් අම්බානි ය. 2025 ජනවාරි වාර්තාවලට අනුව අම්බානි ගේ ශුද්ධ …

සිතූ පැතූ සම්පත් දෙන රන් කෙවිටක් ගෙන මහ පාන්දර ගව මඩු වලට එන ගොපලු අවතාරය
අවිස්සාවේල්ල,මානියංගම, බණ්ඩාරවත්තේ පදිංචි විශ්‍රාමලත් විවාහ ලේකම් අයි.ඩී.ඒ.පී.ධනපාල මහතා සීතාවක ජනශ්රැතීන් සම්බන්ධ විශාරදත්වයකින් යුතු වියපත් ප්රභූවරයෙකි. දැනට සීතාවක ප්‍රාදේශීය පුරා විද්‍යා කාර්යාලය පවත්වාගෙන යන සීතාවක රාජසිංහ රජුගේ මාලිගා ගොඩැල්ලට යාබද ඉඩමේ පදිංචි ඔහුගෙන් මගේ ජනශ්රැති අධ්‍යයනය සඳහා ලැබුණු පිටිවහල අනල්ප ය. කැලණි නදියේ අතු ගංගාවක් වන සීතාවක නදියේ රොන් මඩ වලින් …

ගම්බාර දෙවියන් පා පහර දී බලු රාළලා මරා දමන කතාව මඩ ප්‍රහාරයක්
අප සමාජයේ ජීවත් වන ඇතැමුන් නොයෙකුත් අභූත චෝදනා වලට ලක් වන වාර බොහෝ ය.ඒ අතුරින් සමහරෙක් සාපරාධී ක්‍රියාවන් සම්බන්ධ අභූත චෝදනාවන්ට ද ලක් වෙති.නමුත් මිනිසුන් එලෙස අලකලංචි වලට ලක් වන අතරේ අප රටේ ප්‍රකට දෙවි කෙනකු සුනඛ ඝාතන දාමයකට චෝදනාවකට ලක් වන බව බොහෝ විට ඔබ අසා නොතිබෙන්නට ඇත. බහිරව …

අලුත් ගෙදර උළුවහු පන්නවන්න අමුතු තාලේ ගම් කුකුළෙක්!
“අලුත් ගෙවල් වල උළුවහු පැනීම ගැන තොරතුරු ටිකක් දැන ගන්න පුළුවන්ද? මට නෙමෙයි අපේ ලොකු පුතා බැඳලා ඉන්න ලේලිට, ඇත්තෙන්ම මට ඒ ගැන වැඩි දැනීමක් නැති හින්දා මං එයාට කිව්වා; ඕවා ගැන හොයන කෙනෙක් ඉන්නවා; එයාගෙන් වත් අහලා බලන්නම් කියලා” අප නිතර ගනුදෙනු කරන ව්‍යාපාරික හිතවතකු පසුගිය දිනයෙක මා හා …

මෝටර් රියකට යට වී අසරණ සුනඛයකු මිය යාම මුල් කොට ඉන්දීය සමාජය කැළඹෙයි
මිනිසකු පවා වාහනයකට යට වී මරණයට පත් වූ විටෙක එය එතරම් සැලකිල්ලට නොගන්නා සමාජයක සුනඛයකු වාහනයට යට වී මරණයට පත් වීම සමාජයේ බහුතරයකුගේ කතාබහට ලක් වේ නම් එතැන කුමක් හෝ විශේෂත්වයක් තිබිය යුතුය. එවැනි සිදුවීමක් පසුගිය දා ඉන්දියාවෙන් අසන්නට ලැබිණි. මේ සමාජ කැලඹීමට හේතු වූයේ Instagram සමාජ මාධ්‍යය ඔස්සේ ඉතා විශාල වශයෙන් පැතිරී ගිය එක්තරා වීඩියෝවකි. එහි දකින්නට ලැබුණේ එක්තරා ධනවත් පෙනුමක් ඇති පුද්ගලයකු සිය මෝටර් රථයට …

මෝදි එන එකට අනුරාධපුරේ බල්ලෝ ඉවත් කරන එක මෝඩ වැඩක්! මොකද මෝදිට බල්ලෝ අමුතු ජාතියක් නෙවෙයි – පශු වෛද්‍ය චමිත් නානායක්කාර
මේ ආණ්ඩුව අරගෙන එන්න; මේ ආණ්ඩුවට බලය දෙන්න රටේ ඉන්න වැඩි පිරිසක් මිනිස්සු වැඩ කළා.ඒ වගේම ඡන්දේ දුන්නා. සත්ත්ව සුභසාධනයට සම්බන්ධ වෙලා ඉන්න සතුන්ට ආදරය කරන බහුතරයක් මිනිස්සුත් මේ ආණ්ඩුවට ඡන්දය දුන්නා. මේ ආණ්ඩුව බලයට ගේන්න උදවු කළා. ඒ බලයට ගේන්න ප්‍රධානම හේතුවක් වුණේ ඇත්තටම මේ රටේ සතුන්ගේ ආරක්ෂාව සම්බන්ධයෙන් ජාතික ප්‍රතිපත්තියක් හදන්න තියෙන අවශ්‍යතාව නිසා. සත්ත්ව සුභසාධන පනත සම්මත කර ගන්න, ඒ වගේම තවත් අණපනත් සකස් …

ගෙදරට අඳින ඇඳුම් පිටින් මඟුල් ගෙවල් වල යාම හෙවත් රටේ දේශපාලන භාවිතය ලොවට ඇඳා ගැනීම
ශ්‍රී ලංකාවේ සිවිල් යුද්ධය අතරතුර බරපතල මානව හිමිකම් උල්ලංඝනය කිරීම් සහ අපයෝජනයන් සම්බන්ධයෙන් ශ්‍රී ලංකාවේ හිටපු හමුදා අණ දෙන නිලධාරීන් තිදෙනකුට සහ දෙමළ ඊළාම් විමුක්ති කොටි (LTTE) සංවිධානයේ හිටපු අණ දෙන නිලධාරියෙකුට එක්සත් රාජධානිය විසින් සම්බාධක පනවා ඇති බවක් දැන ගන්නට ඇත.එම සම්බාධකවල අරමුණ සිවිල් යුද්ධය අතරතුර සිදු කරන ලද බරපතල මානව හිමිකම් උල්ලංඝනය කිරීම් සහ අපයෝජනයන් සඳහා වගවීම සෙවීම සහ දණ්ඩ මුක්තියේ සංස්කෘතියක් වැළැක්වීම බව ද …

1988-89 භීෂණ සමයේ ටයර් සෑයක් මත දැවී ගිය තරුණයකු ගැන අමුතු කතාවක්
බටලන්ද කොමිෂන් සහා වාර්තාව 2001 වසරේ විජයපාල මෙන්ඩිස් විසින් සභා ගත කිරීමෙන් වසර විසි හතරකට පසු වත්මන් පාර්ලිමේන්තුවේ සභානායක බිමල් රත්නායක විසින් යළි සභා ගත කිරීමත් සමඟ 1988-89 භීෂණ සමය සම්බන්ධ ප්‍රබල දේශපාලනික කතිකාව යළි අලුත් වී ඇත.එවක විපක්ෂ මන්ත්‍රී වරයකුව සිටි විජයපාල මෙන්ඩිස් පුරෝගාමී එක්සත් ජාතික පාක්ෂිකයකු වුවත්, පසුව ඔහු චන්ද්‍රිකා ජනාධිපතිනියගේ ආණ්ඩුවට එක්ව තිබේ. ඒ 1988-89 භීෂණ සමයේ අතුරුදහන් වූ පුද්ගලයන්ට සාධාරණත්වය ඉටු කර ගැනීම …

තිර කාලය (Screen Time) වැඩි වීමෙන් ඇතිවිය හැකි සෞඛ්‍ය ගැටළු – කොතලාවල ආරක්ෂක විශ්ව විද්‍යාලයේ වෛද්‍ය විද්‍යා මහාචාර්ය නාමල් විජයසිංහ
මෙය වර්තමානයේ බොහෝ දෙනා කතා කරන මාතෘකාවක් වගේම බොහෝ දෙනා මුහුණ පා සිටින ගැටළුවක්. මේ ගැන වැඩි දුර කතා කරන්නට ප්‍රථමයෙන් මේ තිර කාලය (screen time) යනුවෙන් අදහස් කරන්නේ කුමක්දැයි විමසා බලමු. මෙයින් අදහස් කරන්නේ යම් පුද්ගලයකු පරිඝනක, ජංගම දුරකථන, ටැබ් හෝ රූපවාහිනිය වැනි ඉලෙක්ට්‍රොනික උපකරණවල තිරය දෙස බලාගෙන සිටින සම්පූර්ණ කාලයයි. එම බලා ඉඳීමේ කාලය තුල ඔවුන් පරිඝනක හා …

සුවබර දිවියකට අත්‍යවශ්‍ය ජල පානය – කොතලාවල ආරක්ෂක විශ්ව විද්‍යාලයේ වෛද්‍ය විද්‍යා මහාචාර්ය නාමල් විජයසිංහ
මිනිස් සිරුරේ පැවත්මට ජලය පානය අත්‍යවශ්‍ය සාධකයකි. ඔබ දන්නවාද අපගේ සිරුරට මෙලෙසින් ජලය පානය කිරීම අත්‍යවශ්‍ය වී තිබෙන්නේ ඇයිදැයි කියා? සිරුරේ බොහෝ ක්‍රියාකාරකම් නිසි ලෙස සිදුවිමට නම් ජලය අවශ්‍යම සාධකයක්. ආහාර ජීර්ණ පද්ධතිය හොඳින් ක්‍රියාත්මක වීමටත්, සිරුරේ සෛල වෙත ඔක්සිජන් සහ පෝෂ්‍ය පදාර්ථ රැගෙන යාමටත්, බහිස්‍රාවය එනම් සිරුරේ ක්‍රියාකාරකම් තුලින් නිපදවෙන අපද්‍රව්‍ය ඉවත් කිරීමටත්, ඉන්ද්රියයන් සහ සන්ධිවල ආරක්ෂාව සඳහා තිබිය …

මුල් කාලයේ සිදුවන ගබ්සා “සාමාන්‍ය” ද?
දරු සම්පතක් කෙරෙහි දැඩි ආශාවකින්, බලාපොරොත්තුවකින් සිටින කාන්තාවකට දරු ගැබක් පිහිටීම තරම් සතුටක් තවත් නැත. හදිසියේ හෝ ඒ දරු ගැබ ගබ්සා වී ගියොත් ඇය පත්වන මානසික වියවුල ගැන විස්තර කිරීම පවා අසීරු වෙයි. නමුත් මෙවැනි දේවල් ඕනෑ තරම් සමාජය තුළ සිදුවෙයි. ඉබේ සිදුවන ගබ්සා වීමකට බලපාන හේතු රාශියක් තිබේ. ගබ්සා වීම් පිළිබඳව බ්‍රිතාන්‍ය වර්ගීකරණයෙහි දක්වන්නේ කළලයක් මව්කුසින් සති 24කට පෙර බලෙන් ඉවත් කිරීම හෝ ඉබේ පිටවීම ගබ්සාවක් ලෙසයි. කෙසේ වුවත් කළලයක් හටගත් පසු ඒ මුල් …

කවි ඇසින් නීතිය දකින නීතිඥ කිවිඳියක්
නීතිය හා කවිත්වය අතර එකි`නෙක කෙලෙස එක් කළ හැකිද?යන කරුණ සම්බන්ධයෙන් විමසුමක් කරද්දී ඇතැම් විට ඊට පැහැදිලි පිළිතුරක් නොතිබෙන්නත් පුළුවන්.නමුත් එක්තරා ලෙසකින් දෙලොවක් ලෙස නම් කළ හැකි ඒ ක්ෂේත්‍ර දෙක …

මිනිසුන් සුනඛයන් ගැන දන්නා තරමට වඩා සුනඛයෝ මිනිස්සු ගැන දනිති
“ජාතියක ශ්‍රේෂ්ඨත්වය සහ සදාචාරාත්මක ප්‍රගතිය එහි සතුනට සළකන ආකාරය අනුව නිශ්චය කළ හැක” මෙය එදා මෙදා තුර බිහි වූ ශ්‍රේෂ්ඨතම භාරතීය පුත්‍රයකු වන මහත්මා ගාන්ධි කළ ඓතිහාසික ප්‍රකාශයකි.එහෙත්, එම තත්වය වර්තමාන ශ්‍රී ලාංකේය සමාජයට කෙසේ ආදේශ වන්නේ ද යත් සතුන්ට සැලකීම සම්බන්ධයෙන් එදිනෙදා අසන්නට ලැබෙන ඛේදනීය පුවත් වලින් මනාව තහවුරු වේ.එදා මෙදා තුර අප රටේ …
.
Ath Piliru Sewane Namal Wijesinghe & Lasantha Abeypala

දෙමලිය – වන්දම අලි නිජබිම හා අලි මංකඩ බුත්තල ප්‍රාදේශීය ලේකම් සමාගම්වලට බදු දෙයි
මොනරාගල දිස්ත්‍රික්කයේ බුත්තල හා වැල්ලවාය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශවල ව්‍යාප්තව ඇති අලි – ඇතුන් ගේ නිජබිම වන දෙමලිය – වන්දම – කුඩාඔය රජයේ වනාන්තරයට අයත් රහතන්ගම …

බඹරගල ජන දුක සොයා ගිය ගමනක්
බලංගොඩ, වැලිගෙපොල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයෙහි පිහිටි බඹරගල කන්ද ඓතිහාසික වටිනාකමකින් යුතු සුන්දර වනාන්තර ප්රදේශයකි. අනුරාධපුර යුගයේ සිට ම ආරණ්‍යයක් වශයෙන් පැවති බවට පුරා විද්‍යාත්මක සාක්ෂි …

ගෝලීය වේදිකාව මත චීන සංස්කෘතිය දිග හැරීමේ සිනමා වෑයම හරියන පාටයි
අධ්යක්ෂ ඩව් ස චීන ජාතික චිත්‍රපට අධ්යක්ෂවරයකු වන ඩව් ස (යැං යු) විසින් නිර්මාණය කරන ලද, 2025 ජනවාරි 29 වැනිදා ප්‍රදර්ශනය කිරීම ආරම්භ කළ Ne Zha 2 සජීවීකරණ චිත්‍රපටය ඉහළතම …

60 වැනි උපන් දිනය දා ආමීර් හඳුන්වා දුන් අලූත් පෙම්වතිය
පේ‍්‍රම කිරීමට වයස බාධාවක් නොවන බව සනාථ කරමින් බොලිවුඩයේ සුපිරි නළු ආමීර් ඛාන් වයස අවුරුදු 60 දී ආදර සම්බන්ධයක් පටන්ගෙන තිබේ. ඔහු මෙයට පෙර දෙවරක් විවාහ වී සිටි තිදරු පියෙකු …

අපරාධකරුවකු වීමේ මනෝමූලය ළමා වියේදීම මනසේ තැන්පත් වන බව දන්නවාද?
මෑත දින කිහිපය තුළ අපේ කණ වැකුණු, අප රටේ නිතර කතා බහට ලක්වූ දෙයක් ලෙස අපරාධ සහ අපරාධකරුවන් සඳහන් කළ හැකිය. මෙවැනි පුද්ගලයන් විසින් සිදු කළ අපරාධ, එයින් සමාජයට ඇති වන බලපෑම, මොවුන්ට දිය යුතු දඬුවම්, සමාජයෙන් අපරාධ දුරලන්නේ කෙසේද වැනි කාරණා පිළිබඳ කතා බහ කළ ද මේ සම්බන්ධව මනෝවිද්‍යාත්මක …

දිරියෙන් පිබිදෙන කතුනට සවිමත් අත් වැලක් වන ගල්ගමුව ග්‍රාමීය ව්‍යවසාය ප්‍රවර්ධන කමිටුව
වයඹ පළාතේ පිහිටි ගැමි සංස්කෘතික කලාපයක් වන ගල්ගමුවෙහි වැඩිපුරම වාසය කරන්නේ ගොවිතැන ජීවිකාව කරගත් ජනතාවකි. දරිද්‍රතාවයෙන් බැට කන මේ ප්‍රදේශවල බොහොමයක් ජනතාව 2019 වසරේ පාස්කු ඉරිදා ප්‍රහාරය, ඉන්පසු එළඹුණු කොරෝනා වසංගතය සහ ඊටත් පසු රට වෙලා ගත් දැඩි ආර්ථික අර්බුදය ආදී වශයෙන් පිට පිටම එළැඹුණු ව්‍යසන රාශියක් හමුවේ අතිශය කරදර …

අපරාධයක වින්දිතයෙකු පොලිසියට ලබා දුන් ප්‍රකාශ මාධ්‍ය මගින් ප්‍රචාරය කිරීම නීති විරෝධීයි/ අනුරාධපුර වෛද්‍යවරිය පිළිබඳ මාධ්‍ය අවභාවිතාවට පසු වදනක් – නීතිඥ වෛද්‍ය පාලිත බණ්ඩාර සුබසිංහ
පසුගියදා වෛද්‍යවරියක අමානුෂික ලෙස දූෂණය කිරීම සම්බන්ධ සිදුවීම රට පුරාම දැඩි කතා බහට ලක් විය.එය බොහෝ දෙනකුගේ හද කම්පා කළ සිදුවීමක් වුවත් තවත් සමහරුන් එය සාමාන්‍ය තත්ත්වයෙහි ලා සලකා ඊට විවිධ අර්ථ කථන දෙන බවක් පෙනේ.ඒ අතර තවත් සමහරෙක් විසින් එය විවිධාකාරයෙන් උපුටා දක්වමින්, එම වින්දිත වෛද්‍යවරිය පොලීසියට ලබා දුන් …

මිනිසුන්ට පහර නොදී පහුරු ගාන අමනුෂ්‍යයා;පහුරුස්සා
මිනිසුන්ට පහර දී මරා දමන මහසෝනා වැනි යක්ෂයන් පිළිබඳ කතා අපි කොතෙකුත් අසා ඇත්තෙමු. එහෙත්,එසේ පහර නොදී සුළු සීරීම් පමණක් සිදුකරන අප්‍රකට යකෙකු පිළිබඳ විශ්වාසයක් ද ජන සමාජයේ පවතියි. මහසෝනා, රීරිකයා තරම් ප්‍රසිද්ධ නැති මේ ‘අමුතු යකා’ පිළිබඳව මුල්වරට අසන්නට ලැබුණේ මා නව යෞවනයකුව සිටි අවදියේ ය. ඒ කාලයේ අපේ …