ඉන්දීය රජය ණය ආධාර වශයෙන් මෙරටට ලබා දෙන ලද යුරියා පොහොර තොග බෙදාහැරීම ලංකා පොහොර සමාගම හා ලංකා කොමර්ෂල් පොහොර සමාගම විසින් මේ වනවිට ඉතාමත් සාර්ථකව සිදු කරන බව ගොවිජන සේවා සංවර්ධන දෙපාර්තමේන්තුව සඳහන් කරයි.අනුරාධපුර දිස්ත්රික්කයට මෙට්රික් ටොන් 175 ක් පොළොන්නරුව දිස්ත්රික්කයට යුරියා පොහොර මෙට්රික් ටොන් 102.5ක්, හම්බන්තොට දිස්ත්රික්කයට මෙට්රික් ටොන්196.84ක්, මොනරාගල දිස්ත්රික්කයට මෙට්රික් ටොන් 63ක්, හා මාතලේ දිස්ත්රික්කයට මෙට්රික් ටොන් 25ක් ද වශයෙන් සපයනු ලැබ තිබේ.මෙම පොහොර කිලෝ පනහක මිටියක මිල රුපියල් දස දහසකි මේ අනුව පසුගිය මාස් කන්නයේ රසායනික පොහොර තහනම නිසා අඩාල වූ කෘෂි අස්වැන්න මෙවර යල කන්නයේ සහ ඉදිරි මහ කන්නයේ සැලකිය යුතු අයුරින් ඉහළ නැංවෙනු ඇතැයි අපේක්ෂා කෙරේ.