වර්තමාන ඉන්ධන අර්බුදය හමුවේ ත්‍රිරෝද රථ රියැදුරන් සේම ඒවා භාවිතා කරන මඟී ජනතාව මුහුණ පාන දුෂ්කරතා සළකා ත්‍රිරෝද රථ සඳහා පමණක් ඉන්ධන නිකුත් කිරීමට ප්‍රාදේශීය වශයෙන් වෙනම පිරවුම්හල් වෙන් කිරීමට තීරණය කර ඇති බව අමාත්‍ය කාංචන විජේසේකර මහතා පවසයි. අමාත්‍යවරයා කියා සිටිය මෙම වැඩ පිළිවෙල ඉදිරි දින කිහිපය තුළ ක්‍රියාත්මක කරන බවකි.මෙරට කුලී රථ සේවාවේ යෙදෙන ත්‍රිරෝද රථ සංඛ්‍යාව ලක්ෂ අටක් වන අතර ත්‍රිරෝද රථ කර්මාන්තයෙන් යැපෙන පවුල් වල පුද්ගල සංඛ්‍යාව ලක්ෂ හතලිහක් වන බව ද පැවසෙයි.