වැලිකඩ සහ අනුරාධපුර බන්ධනාගාර වල සිද්ධීන්ට සම්බන්ධ ලොහාන් රත්වත්තේ මහතා ඇතුළු පිරිස වහාම අත්අඩංගුවට ගෙන ඔවුන්ට එරෙහිව සාපරාධී චෝදනා යටතේ නඩු පැවරිය යුතු බවත් අදාල රාජ්‍ය අමාත්‍යවරයා සතුව ඇති පිස්තෝලය ඔහුගෙන් පවරා ගත යුතු බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥ එම් .ඒ සුමන්තිරන් මහතා කියයි.එමෙන්ම ඔහු සියළු ධුර වලින් ඉවත් විය යුතු බව ද මන්ත්‍රී වරයා කියයි.
.කෙසේ වෙතත්, ලොහාන් රත්වත්තේ ඉල්ලා අස් වූයේ ඔහු දැරූ බන්ධනාගාර ප්‍රතිසංස්කරණ රාජ්‍ය අමාත්‍ය ධූරයෙන් පමණක් වන අතර තවමත් ඔහු මැණික් හා ස්වර්ණාභරණ රාජ්‍ය අමාත්‍ය ධූරය දරයි.මේ අතර රත්වත්තේ මහතාට ඔහු දරන සියලු අමාත්‍ය ධූරවලින් ඉවත්වන ලෙස, අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ද දැනුම් දී ඇති බව වාර්තා වේ.