කොළඹ බේරේ වැවේ මැනිං පාවෙන වෙළෙඳසල් පරිශ්රයේ (ෆ්ලෝටින් මාර්කට්)අරගලකරුවන්ගේ කලා කටයුතු වෙනුවෙන් ඉඩ ප්රස්ථාව සලසා දිය හැකි බව ජනාධිපති රනිල් වික්රමසිංහ මහතා.අරගලකරුවන් සමග පැවති සාකච්ඡාවකදී දැනුම් දී ඇතැයි පැවසෙයි.කොළඹ නගරයේ ස්ථාන ගණනාවක් සම්බන්ධ කෙරෙමින් හෙක්ටයාර් 65 ක ප්රමාණයක් පුරා පැතිර ගත් බේරේ වැව මෑත භාගයේ වඩාත් කතා බහට ලක් වූයේ පසුගිය මැයි 9 දා මහින්ද රාජපක්ෂ මහතා කොළඹ අරලිය ගහ මන්දිරයේ පැවැති රැස්වීමකට සහභාගී වූ පිරිසක් ඉන් පසුව ගාලු මුවදොර අරගල කරුවන්ට එල්ල කළ ප්රහාරයකින් කුපිත වූ ජනතාව එසේ ප්රහාරය එල්ල කළවුන් ගෙන් කොටසක් කොළඹ නවම් මාවත පෙරහැර මාවත ප්රදේශයෙන් බේරේ වැවට ඇද දමා ඔවුනට පැය ගණනක් එහි රැඳී සිටීමට කටයුතු යොදා තිබූ නිසා ය.