ස්ථාවර ආණ්ඩුවක් නොමැතිව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ශ්‍රී ලංකාවට මූල්‍යාධාර ලබා දීමට නොහැකි බව ප්‍රකාශ වීම මත සර්ව පාක්ෂික ආණ්ඩුවක් හෝ සර්ව පාක්ෂික පාලනයක් වෙනුවෙන් එක්වීමට විමල් වීරවංශ මහතා ද කටයුතු කරනු ඇතැයි ජනාධිපති මන්දිරයේ දී සමගි ජන බලවේගය මන්ත්‍රීවරුන් සමග පැවති සාකච්ඡාවේදී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසා තිබේ.ඒ අනුව වත්මන් ජාතික ආපදාවෙන් ගොඩ එනු පිණිස පාර්ලිමේන්තුවේ සියලු දේශපාලන පක්ෂ එකතු වී වැඩ කටයුතු කළ යුතු කාලය දැන් එළඹ ඇති බව කී ජනාධිපති වරයා වැඩි දුරටත් පවසා ඇත්තේ මෙම පාලනය සඳහා ජනතා විමුක්ති පෙරමුණ සහ ද්‍රවිඩ කොංග්‍රසය නොපැමිණෙන බව තමන්ට දැනුම් දී ඇති බවකි.