හෙටින් (08) ආරම්භ වන සතියේ පාසල් සඳුදා, අඟහරුවාදා සහ බදාදා දිනවල පැවැත්වීමට අධ්‍යාපන අමාත්‍යාංශය තීරණය කර තිබේ.
සඳුදා, අඟහරුවාදා සහ බ්‍රහස්පතින්දා දිනයන් හිදී පාසල් පැවැත්වෙන ලෙස මීට පෙර දැනුම්දුන් නමුත් එළැඹෙන සතියේ බ්‍රහස්පතින්දා දිනයට නිකිනි පුර පසළොස්වක පොහොය යෙදීම හේතුවෙන් එම දිනය වෙනුවට බදාදා දිනයේ පාසල් පැවැත්විය යුතු බවයි අධ්‍යාපන අමාත්‍යාංශය දැනුම් දෙයි.
මේ අතර, හෙට සිට උතුර පළාතේ සියලුම පාසල්වල අධ්‍යයන කටයුතු දින පහම පවත්වාගෙන යෑමට කටයුතු කරන ලෙස පළාත් අධ්‍යාපන අමාත්‍යාංශය උපදෙස් ලබා දී තිබේ.
ප්‍රවාහන පහසුකම් සපයා ගැනීම නොහැකි තත්ත්වයේ පවතින පාසල් පවත්වාගෙන යෑම සම්බන්ධයෙන් විදුහල්පතිවරුන් සහ කලාප අධ්‍යාපන අධ්යක්ෂවරුන් තීරණයක් ගත යුතු අතර ඉන්ධන ප්‍රමාණවත්ව සපයා ගැනීම අපහසු දුර බැහැර ප්‍රදේශවල සිටින ගුරුවරුන්ට පමණක් සතියේ දින 03 ක් පාසල් පැමිණීමට අවසර ලබා දී තිබෙන බව එම අමාත්‍යාංශය සදහන් කළේය.