ප‍්‍රබල දේශපාලනඥයකුගේ මෙහෙයවීම යටතේ කි‍්‍රයාත්මක වන බව පැවසෙන “රට දිනවන අරගලයේ දෙවැනි රැල්ල” යනුවෙන් කොළඹ වෝක්ෂෝල් වීදියේ ස්ථානයක ඊයේ ආරම්භ කළ අරගල ජාතික මධ්‍යස්ථාන පිළිබඳ විමර්ශනයක් සිදුකර වාර්තාවක් ලබා දෙන ලෙස බස්නාහිර පළාත බාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පෙලිස්පති දේශබන්දු තෙන්කෝන් මහතා විසින් උසස් පොලිස් නිලධාරීන්ට ලිඛිතව නියෝග කර තිබේ.මෙම අරගල ජාතික මධ්‍යස්ථානයේ මාධ්‍ය සම්බන්ධීකරණ නිලධාරියා වශයෙන් පත්කර ඇති පුද්ගලයා එම ප‍්‍රබල දේශපාලනඥයා සමඟ සමීපව කටයුතු කරන බවටත් මෙම ව්‍යාපෘතිය ඔහුගේ උපදෙස් මත ක්‍රියාත්මක වන බවටත් තොරතුරු ලැබී ඇති බව පොලිස් ආරංචි මාර්ග සඳහන් කරයි.