ශ්‍රී ලංකාවට ආනයනය කරන සහල් වර්ග මිනිස් ආහාරයට නුසුදුසු බව තමන් විශ්වාස කරන්නේ යැයි කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා සඳහන් කරයි.එම ආනයනික සහල් නිෂ්පාදනය කිරීමේදී වැඩි අස්වැන්නක් අපේක්ෂාවෙන් මෙරට භාවිතා නොකරන රසායනික ද්‍රව්‍ය සහ බාල පොහොර වර්ග භාවිතා කරන බව ද ඇමති වරයා කියයි.එමෙන්ම මේ රටේ ජනතාවට අවශ්‍ය සහල් ප්‍රමාණය ලබා දීමට මෙරට ගොවියා ශක්තිමත් වී ඇතැයිද ඇමති වරයා තවදුරටත් කියා සිටියි.ඔහු මේ අදහස් ප්‍රකාශ කොට සිටියේ කොළඹ දී පැවැති උත්සවයකින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් පළ කරමිනි.එමෙන්ම දැනට වෙළඳ පළේ ඇති පරිප්පු ඇතුළු ආනයනික ධාන්‍ය වර්ග වල ප්‍රමිතිය සම්බන්ධයෙන් බරපතල සැකයක් පවතින බව පවසන ඇතැම් විද්වතුන් ඒවා අතරේ අශ්වයන් වැනි සතුන්ට ආහාර පිණිස වගා කළ ධාන්‍ය වර්ග ද තිබිය හැකි බවත් මීට පෙර පෙන්වා දී තිබිණ.