ඩොලර් කෝටි 7ක් නොමැති වීමෙන් බොරතෙල් නැවක් දින 20 ක් මුහුදේ

බොරතෙල් මෙට්‍රික්ටොන් 99,000 ක් සහිත නෞකාවකට ගෙවීමට ඩොලර් කෝටි 7 ක් හෙවත් රුපියල් කෝටි 2500 කට අධික මුදලක් නොමැති වීමෙන් දින 20 ක කාලයක් කොළඹ වරායට ආසන්න මුහුදේ නැංගුරම්ලා තිබෙන බව බලශක්ති අමාත්‍යංශයේ නිලධාරියකු  පැවසීය.

මෙම නෞකාව නැංගුරම්ලා තිබෙන දිනකට ප්‍රමාද ගාස්තු ලෙස ඩොලර් ලක්‍ෂ එකහමාරක් ගෙවියයුතු බව කී එම නිලධාරියා ඒ අනුව එම නෞකාවට මේ වන විට ඩොලර් ලක්‍ෂ 30 ක් හෙවත් රුපියල් කෝටි 110 ක් අධික ප්‍රමාද ගාස්තුවක් ගෙවීමට සිදුවන බව ද සඳහන් කළේය.

කාලීන පුවත්