ඕමානයේ දී සිරිලක් කතුන් කෙලෙසූ බවට සැක කෙරෙන පුද්ගලයා කටුනායක දී අත් අඩංගුවට

සංචාරක වීසා මත ඕමානයට ගොස් රැකියා බලාපොරොත්තුව සිටි කාන්තාවන් රඳවා ගෙන ලිංගික හිරිහැර කිරීම, මිනිස් ජාවාරම් කිරීම ඇතුළු දූෂණ චෝදනා රැසක් එරෙහිව එල්ල වී ඇති ඕමානයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ තුන්වන ලේකම් ලෙස කටයුතු කළ ඊ. කුෂාන් නැමැති පුද්ගලයා කටුනායක ගුවන්තොටුපොළ පැමිණීමේ පර්යන්තයේදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබේ.ඕමානයේ මස්කට් නුවර සිට අද (29) අලුයම 3.57ට කටුනායක ගුවන්තොපොළ වෙත පැමිණි යානයෙන් එම පුද්ගලයා දිවයිනට පැමිණි බව පැවසෙයි.ඔහු අත්අඩංගුවට ගැනීම සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ඊයේ (28) විවෘත වරෙන්තුවක් ද ලබාගෙන තිබූ බව වාර්තා වේ.මීට පෙරද එම තැනැත්තා සම්බන්ධයෙන් මෙවැනි චෝදනා එල්ල වුව ද බලධාරීන් සමග පවතින සම්බන්ධතා ඔස්සේ ඒවා යටපත් කර ඇති බව ද අනාවරණය වී ඇත.

කාලීන පුවත්