රියදුරන්ට නීති දැඩි කර අලුත් නීති පනවයි

රටපුරා සිදුවන රිය අනතුරු වළක්වා ගැනීම සඳහා අකුසලතා ලකුණු ක්‍රමවේදයක් හඳුන්වා දීමටත් රියදුරන් මහා මාර්ගය තුළ සිදුකරන වැරදි එම අවස්ථාවේදීම හදුනාගෙන ඒ සදහා දඩ ගෙවීමේ ක්‍රමවේදයක් සකස් කිරීමට සැලසුම් කර ඇති බව රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න සදහන් කරයි.

මාර්ග තුළ අධික වේගය නිසා සිදුවන අනතුරු සීග්‍රයෙන් ඉහළ යාම හේතුවෙන් එම අනතුරු වළක්වා ගැනීමට වේග සීමා ප්‍රතිපත්තියක් ඉදිරිපත් කිරීමට අප සැලසුම් කර තිබෙන බවත් මෝටර් රථ දෙපාර්තමේන්තුව සහ මාර්ග ආරක්ෂාව පිළිබඳ ජාතික සභාව ඊට අදාළ ගැසට් නිවේදනය සකස් කරමින් පවතින බවද රාජ්‍ය අමාත්‍යවරයා සදහන් කරයි.

නාගරික සීමාව තුළ සහ ග්‍රාමීය සීමාව තුළදී වාහනය ධාවනය කළ හැකි උපරිම වේග සීමාව දක්වන බවත් කඳුකර ප්‍රදේශවලට වෙනත් වේග සීමාවක් පැනවීමට කටයුතු කරන බවත් එම වේග සීමා මාර්ගය තුළ සලකුණු කිරීමට කටයුතු කරන බවද රාජ්‍ය අමාත්‍යවරයා සදහන් කරයි.

කාලීන පුවත්